Search This Blog

Monday, 13 February 2017

" ආදරවන්තයින්ගේ දිනය " ආදර වන්තයින්ගේ දිනය යනුවෙන් හදුන්වන්නෙ කුමක්ද?

" ආදරවන්තයින්ගේ දිනය "
ආදර වන්තයින්ගේ දිනය යනුවෙන් හදුන්වන්නෙ කුමක්ද?
කතෝලික රදගුරු තුමෙක් වන " වැලන්ටයින් " තුමා නමින් මේ දිනය මිනිසුන් විසින් නම් කොට සමරනු ලබන්නේ.
එවකට රෝමයේ රජ කළ ක්ලෝඩියස් ගොතිකස් රජුගේ පාලනකාලය සමයේ යුද්ධය හේතුකොට ගනිමින් යුධ භටයන් ලෙස තරුණයින් හමුදාවට බදවා ගැනීම හේතුවෙන් තරුණ පිරිසට විවාහවිම සහ ආදරය කිරිම තහනම් කර්‍යක් වුනු සමයක ආදරය කරන තරුණ තරුණියන්ව විවාහ කරදීමට උපකාර ( උදව් ) කිරීමය. මෙම විවාහායන් සිදු කිරිමට මුලික වු නිසා " වැලන්ටයින් රදගුරු තුමා " ක්ලෝඩියස් ගොතිකස් රජුගේ උදහසට ( කොපයට ) ලක්වීය.
වැලන්ටයින් තුමාහට මාලිගාවට කැදවීමක් කෙරු " ක්ලෝඩියස් අධිරාජ්‍යයා " කතෝලික ඇදහීම අතහැරීම හෝ මරණය යන දෙකෙන් එකක් පිලිගන්නා ලෙස බල කෙරිනි.එතුමා කිසිවිටකවටත් කතෝලික ඇදහීම අත නොහරින බවට පොරොන්දු විය. ඉන් පසුව මෙම අධිරාජ්‍යයාගේ නියෝගය අනුව මුගුරු වලින් පහර දි හිස ගසා මරා දැමීමට නියම විනි.
වැලන්ටයින් තුමාණන්ගේ දේහය මිහිදන් කර ඇත්තේ. " පෙබරවාරි 14 දිනකය " 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති අතර මෙම දිනයට සාමගාමීව ආදර වන්තයන්ගේ දිනය සමරනු ලබයි.
❤️ ආදරවන්තයන්ගේ දිනය ❤️
හෙවත් මෙම දිනය ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමාණන් මිහිදන් කල දිනයයි..
මෙම කොටස අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මුස්ලිම්වරුන්වන අපට ආදරය කිරිමට වෙනම දිනයක් ( දවසක් ) අවශ්‍යද?
ඉස්ලාම් ආගමෙහි ආදර කිරිම එසෙත් නැතිනම් එකි නෙකාට ස්නෙහ කිරිමට කිසියම් දිනයක් හෝ වෙලාවක් නියම කර වෙන්කර දී නැත.
දවසෙ සෑම තප්පරයකම හා අවුරුද්ද පුරාවටම මුස්ලිම්වරුන් වන අපිට ආදරය කිරිමට පුලුවනි. ඒ අපගේ ස්වාමිපුරුෂයාට, බිරිදට, දරුවන්ට, දෙමාව්පියන්ට, සහොදර සහොදරියන්ට, නෑ දෑ හිත මිතුරන්ට හා අසල් වාසින්ට. මේ සියලුම දෙනාට ආදරය කරන්න, කරුණාව දක්වන්න, උදව්කරන්න යනුවෙන් අල්ලාහ්සුබහනව තආලා හා නබි නායක මුහම්මද් ( සල් ) තුමාණන් අපට නියොග කර ඇත.
අද ලොව පුරා සිටින බොහො මුස්ලිම්වරුනුත් මෙම දිනය උත්සවාකාරයෙන් සමරයි. මෙය පැහැදිලිවම ඉස්ලාමයේ නොමැති දෙයක්. එනම් " බිදාආත් " අලුතින් ඇති කරගත් ක්‍රියාවකී..
ආගමේ නොමැති දෙයක් ආගම යැයි සිතා කිරිම පාපයකි. එවැනි ක්‍රියාවන් කරන අය නිරයට අයිත් අය බව අපගේ නබි නායක මුහම්මද් ( සල් ) තුමාණන් පවසා ඇත.
මෙ පිළිබදව පැහැදිලි අල් හදිස් මගින් මගින් අපට දැන ගැනිමට හැකිය..
සෑම මුස්ලිම්වරයෙක්ම දවසෙ 5 ( පස්වෙල ) සලාහ්තය ( නැමදුම ) අවසානයේ ලොකයේ සිටින සියලුම මුස්ලිම්වරුන් උදේසා දුආ ( ප්‍රර්ථනා ) කරයි. එවගෙම මුස්ලිම් නොවන්නන් වෙනුවෙනුත් ප්‍රර්ථනා කරයි. මෙය ආදරය ස්නෙහ නොවෙද?
ඉතින් මුස්ලින්වරුන්වන අපට
විශෙෂයෙන්ම දවසක් අවශ්‍යද?
අද අවුරුද්ද පුරාවටම ලොකයේ විවිද සැමරින් බිහිවි ඇත. එයින් කිපයක්නම්..
මව්වරුන්ගේ දිනය..
ළමා දිනය..
මිතුරු දිනය..
ආදරවන්තයන්ගේ දිනය..
පියවරුන්ගේ දිනය..
එඩ්ස් දිනය..
දුම්වැටි දිනය..
කම්කරු දිනය..
මෙ වැනී දිනයන් අනන්තවත් ඇත. මෙ සෑම දිනයකටම වඩා විශෙෂ හා භයංකාර දිනයක් අප සියලුම දෙනා වෙත උදා වේ. එම දිනය නම් " අවසන් විනිශ්චය දිනයයි " ( මිනිසා මෙලොවදි කරපු හා කියපු දේ අනුව අල්ලාහ් තින්දු දෙන දිනය ) එදාට අපි එය කෙසෙ සමරන්නෙමුද මදක් සිතා බලන්න..
එදින තම තමන්ගේ ක්‍රියාවන් අනුව තමන්ගේම දහඩියෙන් ගිලෙමින් සිටින දවසක් බව නබි මුහම්මද් ( සල් ) තුමාණන් පවසා ඇත..
මුස්ලිම්වරුන් " ආදරවන්තයින්ගේ දිනය " සැමරුවෙ නැතත් ඔවුන් එයට දායක වේ. අපි වැඩිය ගානකට නොගන්න හෝ නොදැණුවත් කමින් මෙය සිදු කරයි..
ඒ කෙසෙද කිව්වොත් මෙවැනි දිනයන් අද ව්‍යාපාරකි. රෝස මල්, චොකලට් හා නානාප්‍රකාර විසිතුරු භාණ්ඩ වලින් මෙදින අත මිට සරුකර ගැණිමට හැකි දිනයක් බැවින් අපගේ ව්‍යාපාරික මුස්ලිම්වරුන් සෘජුවම මෙහි කොටස් කරුවන් වේ..
අපි එවැනි දිනයන් සමරන්නෙ නැතත් එම දිනයන් සමරන අයව උනන්දු කිරිමක් එසෙත් නැතිනම් අනුබල දිමක් මෙයින් සිදුවේ.
මෙය ද මුස්ලිම්වරුන්හට තහන්ම ක්‍රියාවකි. පාපයක් කිරිමට අනුබල දිම මුස්ලිම්වරයෙකුට කල නොහැක..
ලොව පුරා අද වැනි දිනක ආදරයේ නාමයෙන් අපචාර හා දුරාචාර අනන්ත අප්ප්‍රමාණව සිදුවෙයි. මෙවැනි ක්‍රියාවන් සිදුවිම වලක්වාලිම සදහා ඉස්ලාමයේ " නිකාහ් " නැමති ( විවාහය ) මිනිසා උදේසා මගපෙන්වා දී ඇත..
මා දයාබර සොයුරියනි විවාහයට පෙර ආදර කිරිම මගින් ඔබට ඔබගේ ජිවිතයේ ඇති වටිනා බොහොදේ අහිමිවේ. ඔබට ලොකයා ඉදිරියේ අගෞරවවිමට සිදුවෙ. එම නිසා විවහයෙන් පසු ආදරය කිරිම ඔබගේ ජිවිතයට ඉතාමත් සුබදායකය. ගෞරවනියය..
මා දයාබර සොහොයුරනේ ඔබ වැනි පුරුෂයන්ව අල්ලාහ් සුබහනවතආලා මවා ඇත්තේ කාන්තාවන් පාලනය කිරිමට හා ආරක්ෂා කිරිමටය එම නිසා ඔබ විවාහා විමට සිතා සිටින කාන්තාවට අගෞරව නොවන ආකාරයෙන් ඇයට ඉස්ලාමයේ දී තිබෙන නිවැරදී ගෞරවය දී නිත්‍යාණු කුලවම ඇයව නිකාහ් ( විවාහා ) කර ගන්න. ඇයට ජිවිතයක් දෙන්න ඇගේ ජිවිතය අපායක් නොකරන්න..
මෙම උපදෙස මුස්ලිම්වරුන්ටම පමණක් නොව ලොව සිටින සියලුම සහොදර සහොදරියන්ටත් පොදුය...
මුස්ලිම්වරුනි අප අතින් නොදැනුවත්ව හො වෙන පාපයන්ගෙන් ඇත් වෙන්න උත්සහා කරන්න. නිරයේ ගින්නට බිය වන්න. එය ඔබේ පරලෝව ජිවිතය ආලෝකමත් කරාවි..
යා අල්ලාහ් අප සියලුම දෙනාට නිවැරදි මාර්ගය ලබා දෙවා!
නිරාගින්නෙන් අප සියලුම දෙනාව ආරක්ෂා කරත්වා!
යා රබ් ආමීන්!!!
සියලුම පැසසුම් අපව මවා පාලනය කරන්නා වු " අල්ලාහ්සුබහනවතආලාටම " හිමිවේවා...
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***