Search This Blog

Wednesday, 5 October 2016

සංගීතය ( මියුසික් ) ඉස්ලාම් දහම අනුව තහනම් හා සිමා සහිත වන්නේ ඇයි..

සංගීතය ( මියුසික් ) ඉස්ලාම් දහම අනුව තහනම් හා සිමා සහිත වන්නේ ඇයි.. 

මේ පිලිබදව අල්ලාහු තආලාගේ දුතයා වූ නබි මුහම්මද් ( සල් ) තුමා මෙසේ පවසා ඇත.. 

නවීන පන්නයේ සංගීත භාණ්ඩයන් භාවිතා කිරීමද නබි නායක තුමාගේ වදන අනුව සන්සුදක් සේ තහනම්ය.. 

නබිනායක තුමා තහනම් කර ඇති පැරණි සංගීත භාණ්ඩවලින් සවන්දීමෙන් ලැබෙන සතුට, වින්දනය සහ මනො දර්ශනයට වඩා නවීන පන්නයේ සංගීත භාණ්ඩවලින් අධික සතුට, වින්දනය හා මනො දර්ශනය මිනිසුන් ලබති. ඉබිනුල් කයියුම් වැනි විද්වතුන්ගේ මතය පරිදි මත්පැන් පානය කිරීමෙන් මිනිස් නුවණ කැලබිමට වඩා සංගීතය රස විදීමෙන් මිනිස් නුවණ කැලබිමට පත්වේ..

සංගීතය සමග සංගීතයේ වාදනයද, සිත්සනහන වින්දනය හා වශිකරණය ගෙනදෙන නැටුම් නටන ස්ත්‍රීන්ගේ රංග නාදයද එක්වීමෙන් සන්සුදක්සේ එකී තහනම් භාවය උග්‍ර වේ. අකුසල් භාවය අධිකවේ.ගීතයන්හි වචනවල ආදරය, ප්‍රේමය හා ආලයේ ප්‍රසිද්ද භාවය හා පෙම්වතියන්ගේ සෞන්දර්ය වර්ණාව අන්තර්ගත වීම, ඉහමත් ඛේදජනක විපතකි..

එම නිසා විද්වතුන් " සැබවින්ම ගීත දුරාචාරය උනන්දු කරයි එය මිනිස් හදවන් තුල කුහක කම අවස්ථාවාදය වර්ධනය කරයි " යැයි පවසති. පොදුවෙන් බලනවිට වත්මන් කාලයේ ගීත හා සංගීතය ඉහමත් කළහ හා විපතට අදාල විපතට අදාල කරුණක් ලෙස පවතින බව පෙනේ..

සංගීතයේ විවිද වර්ග නාදයන් ඔරලෝසු, සීනු, දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ, පරිගණක යන්ත්‍ර හා දුරකථන යන්ත්‍ර යනාදියෙහි තුල පවා පිවිසීම අද අධිකව ඛේදජනක කරුණකි. මෙයින් වැලකි සිටීම සදහා අධික වෙහෙස දැරීමට සිදුවීම අනිවාර්යවූ කරුණක් ලෙස පවතී..

අල්ලාහ් සැමට මෙයින් රැකවරණය ලබා දෙන සේක්වා.

" දැනුමෙන් තොරව අල්ලාහ්ගේ මගකෙරෙන් නොමග යැවීම පිණිසද, එය විහිළුවකට අරගැනීම පිණිසද, නිෂ්ඵල පුවත් මිලයට ගන්නෝද මිනිසුන් අතර සිටිති. ඔවුන්ට නින්දාව ගෙන දෙන වේදනාව ඇත. "
( අල් කුර්ආන්: 31- 6 )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා පැවසු බව අබු ආමීර් ( රලී ) තුමා සහ අබු මාලික් අල් අෂ්අරි ( රලි ) තුමා මෙලෙස වාර්තා කරන්නේය..

" මගේ සමාජයේ සමහරක් පිරිස් (පසුකාලීනව) බිහිවේවි ඔවුන් අනියම් (ලිංගික) සම්බන්ධතා, සේද (ඇදුම්), මත්පැන්, සංගීතය යනාදීය අනුමත කාරණයන් ලෙස සලකනු ඇත… මොවුන්ගෙන් බහුතරයක් අල්ලාහ් (දෙවියන්) විනාශකර දමනු ඇත.”
( ග්‍රන්ථය: බුහාරි )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා පැවසු වදනක් ඉම්රාන් බින් හුසෛන් ( රලි ) තුමා මෙසේ වාර්තා කරයි..

" මෙම ( මගේ ) සමාජයෙහි භුමි කම්පා ඇති වීම, රූප වෙනස් වීම හා දොස් පද කිම් යනාදින් ( පසු කලයේ ) සිදුවේ " යනුවෙන් නබිතුමා පැවසු කල එක් මුස්ලිම් වරයෙකු " අල්ලාහ්ගේ දුතයාණෙනි, එය කවදා සිදුවේද? යනුවෙන් විමසිය. එවිට එතුමා " නැටුම් නටන ස්ත්‍රීන්, සංගීත ප්‍රසංග හා මත්පැන් පානය කිරීම ප්‍රසිද්ධවනවිට සිදුවේ " යනුවෙන් පැවසිය. "
( ග්‍රන්ථය: තිර්මිදී )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා පැවසු වදනක් නාෆි (රහ්) තුමා මෙසේ වාර්තාකරයි..

" දිනක් එඬරෙකු බටනලාවක් වයන හඬක් උමර් (රලි) තුමාගේ කන වැකුනි. එම මොහොතේ එතුමාණන් තම කන්දෙක ඇඟිලි තුඩුවලින් වසාගෙන එම මාර්ගයෙන් ඉවත්ව වෙන මාර්ගයකින් ගමන ඇරඹු එතුමාණන් ‘තවමත් ඒ සද්දේ ඇසෙනවාද?’ යනුවෙන් මාගෙන් විමසන ලදී. එයට මා ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දුන්නෙමි. තව කෙටිදුරක් ගමන්කලාට පසුව මා ‘දැන්නම් ඒ සද්දේ ඇසෙන්නේ නැහැ’ යනුවෙන් පැවසුවෙමි. ඉන් අනතුරුව ආපසු තම ගමන එම මාර්ගයේම ඇරඹුවේය. ඉන් අනතුරුව උමර් (රලි) තුමාණන් ‘වරක් මුහම්මද් (සල්) තුමාණන්ට මේ ආකාරයටම එඬරෙකුගේ බටනලා ශබ්දයක් ඇසී මා අද කලාසේ එතුමාණන් එදා කලා’ යනුවෙන් පවසන ලදී.”
( ග්‍රන්ථය: අහමද් )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා බෙර ( Drum ) වාදනය කිරීම තහනම් කරන අතර, නළාවෙන් ( Musical Pipe ) පිඹන කළ පිටවන නාදය නපුරු මෝඩයන්ගේ ශබ්දය බවට වර්ණා කරන්නේය.

ඉමාම් අහමද් ( රහ් ) වැනි පැරණි විද්වතුන් කින්නාරාම ( Lute ) මැන්ඩලීන් ( Mandolin ) හා අත්තාලම ( Cymbal ) යන සංගීත භාණ්ඩයන් තහනම් බව නිගමනය කරති..

තවද කරුණු රාශියක් ඇති මුත් දැනට මාහට සොයා ගැනීමට හැකි වුයේ මෙපමණයි ඉන් ශා අල්ලාහ් ඉදිරියේදී තවත් කරුණු හා අල් හදිස් කරුණු අද්‍යනය කර එය ඔබට මෙවැනිම ලිපියකින් ඉදිරිපත් කිරිමට බලාපොරෝත්තු වෙමි..

*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

No comments:

Post a Comment