පරිශුද්ධ වු අල් කුර්'ආනය..!
අල් කුර්'ආනය මුස්ලිම්වරයෙකුට ඔහුගේ හදවත හා සමානය. එය කියවිමත් නැමදුමක් ලෙස සැලකෙන අල්ලාහ්ගෙ වදනය.
මෙම ග්‍රන්ථය අල්ලාහ් සුබහනවතාආලා විසින් ලෝ වාසි සියඵම දේනා වෙත පහල කලාවු ( අල්ලාහ්ගේ වදන හා අණ ) අඩංගු දේව ග්‍රන්ථය වේ.
මෙ පිළිබදව අල්ලාහ් මෙසෙ පවසයි.
" මිනිසුනි! නුඹලාගෙ ' රබ් ' ගෙන් සාක්ෂියක් නුඹලාට පැමිණ ඇත. අපි නුඹලාට ( අල් කුර්'ආනය ) නැමති පැහැදිළි ආලෝකය පහළ කර ඇත්තෙමු."
( අල් කුර්'ආන්:4-174 )
කාලයෙන් කාලයට පැමිණි නබිවරුන් විවිධ භාෂාවලින් මෙ ලෝව සිටින මිනිසුන්හට අල්ලාහ් ( එකි වු දෙවියන් ) පිලිබදව පවසා ඇත.
තව්රාත්:- ( මෝසස් ~ මුසා අලෛයිහි සලාම් ) තුමාටත්.
ඉන්ජිල්:- ( ජේසුස් ~ ඊසා අලෛයිහි සලාම් ) තුමාටත්.
සබුර්:- ( දාවුද් අලෛයිහි සලාම් ) තුමාටද. පහල වුන දේව ග්රන්ථ වේ.
ඉහත සදහන් දෙව ග්රන්ථ අල් කුර්'ආනය පහල විමට ප්‍රථම සිටි නබිවරුන්ට අල්ලාහ් විසින් පහල කල දේව ග්රන්ථයන් වේ..
අල්ලාහ් මෙසෙ පවසයි..
" පුස්තකය ඇත්තනි! ඉබ්රාහීම්ගේ විෂයෙහි නුඹලා කුමකට තර්ක කරහුද? තව්රාතයද ඉන්ජීලයද ඔහුට පසුවම පහළ කෙරින. නුඹලා අවබොධ නොකර ගන්නෙහුද?"
( අල් කුර්'ආන්: 3-65 )
" නියතව අපි මුසාට පුස්තකය දි, එය ඉස්රායීල්ගෙ දරුවන්ට යහමග ලෙසද කළෙමු. ' මාව හැර වෙන භාරකාරයෙකුව නොඅරගත යුතු යැයි අණ කළෙමු."
( අල් කුර්'ආන්:17-2 )
" ( ඕඃනබි!) නියත වශයෙන්ම අප නුහ්ටද ඔහුට පසුව පැමිණි නබිවරුන්ටද ' වහී ' ( අල්ලාහ්ගෙ වදන් ) පහළ කළා සේම නුඹටද 'වහී ' පහළ කළෙමු. තවද' ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකූබ් ( ඔහුගේ පෙළපතටද ), තවද ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන් යනාදින්ටද ' වහී ' පහළ කළෙමු. තවද' දාවුද්ට සබුරය ( දේව ග්‍රන්ථය ) ද දුන්නෙමු."
( අල් කුර්'ආන්:4-163 )
එම දේව ග්‍රන්ත සියල්ලම මිනිසුන්ගෙ අතින් විකුර්ති කර සංස්කරනය වි ඇති බැවින් එවාහි අල්ලාහ්ගේ හා නබි වරයන්ගෙ වදන් වෙනුවට මිනිසුන්ගෙ අදහස් හා වදන් එකතු වි ඇත.එම ග්රන්ථ සියල්ලම පහළ වු මුල් භාෂාවන් දැන් බහවිතා වන්නෙද නැත.
අපගෙ නබි මුහම්මද් ( සල් ) තුමාණන්ට පහළ වු අල්ලාහ්ගෙ දේව ග්‍රන්ථය. වන්නෙ ශුද්ධ වු අල් කුර්'ආනයයි.
අහසවල් හතක් ( 7 ) උඩින් ස්වර්ගයෙහි ඇති " ලාහුල් මාහෆුල් " නැමති ෆලකයේ ( ආරක්ෂා කරන ලද ලේඛණය ) ලියවි ඇති අල් කුර්'ආනය අපට පෙනෙන අහසට පහල කර ඇත්තෙ. ලයිලතුල් කදිර් නම් රාත්රියකය..
මෙ පිලිබදව අල්ලාහ් මෙසෙ පවසයි..
" නියතව මෙය අප හමුවෙහි ඇති ලව්හුල් මහ්ෆුල් නැමති ( මව් ) ලේකණයේහි ඇත. ( මෙය ) උසස් වුද අධික ඥානාන්විතද වේ."
( අල් කුර්'ආන්:43-4 )
" එය ආරක්ෂා කරනු ලැබු ලේඛණය වන ' ලව්හුල් මහ්ෆුල් ' හි ඇත."
( අල් කුර්'ආන්:85-22 )
" නියතව මෙය කිර්තියෙන් අධික අල් කුර්'ආනය වේ. එය ආරක්ෂා කරණු. ලැබු ලේඛණයෙහි ඇත. පිරිසිදු වන්තයින් හැර වෙන කිසිවෙක් එය ස්පර්ෂ නොකරන්නෙය. මෙය සකල ලෝ වැසියාගෙ ' රබ් ' ගෙන් පහළ කරනු ලැබුවක් වේ."
( අල් කුර්'ආන්:56-77,80 )
අපට පෙනෙන අහසට පහළ වු අල් කුර්'ආනය ජිබිරියල් අලෛයිහි සලාම් නම් මලක්වරුන්ගෙ ප්‍රධානියා ( නායකයා ) විසින් මුල්වරට ලයිලතුල් කදිර් නම් රාත්‍රියක නබි මුහම්මද් ( සල් ) තුමාහට මුල්ම දේව පනිවිඩය ( වහි ) පහල කලහ.
අල්ලාහ් මෙසෙ පවසයි..
" නියතව අපි ( අල් කුර්'ආනය වු ) මෙය ( අධික මහගු භාවයෙන් යුත් රාත්‍රිය ) වන ' ලයිලතුල් කදිර් ' හි පහළ කළෙමු."
( අල් කුර්'ආන්:97-1 )
ඉන් පසු දිගින් දිගටම අල් කුර්'ආනය අවුරුදු 23 ( විසි තුනක් ) වැනි කාලයක් පුරාවටම ටිකෙන් ටික ( කොටස් වශයෙන් ) අවස්ථානුකූලව පහල විය..
අල් කුර්'ආනය අරාබි භාෂාවෙන් පහල වු බව අල් කුර්'ආනයෙ සදහන් වේ.
එ පිලිබදව අල්ලාහ් මෙසෙ පවසයි..
" නුඹලා අවබෝධ කර ගැනිම පිණිස' නියතව අපි මෙය අරාබි ( භාෂාවෙන් ) වු කුර්'ආනය ලෙස කලේමු."
( අල් කුර්'ආන්: 43-3 )
පර්ශුද්ධවු අල් කුර්'ආනය මෙ ලොවට පහල වුන භාෂාවෙන්ම අදට අවුරුදු 1437 එහි එකදු අකුරක් හො නොවෙනස්ව එම තත්වයෙන්ම පවතින එකම දේව ග්‍රන්ථය වේ..
මෙ පිළිබදව අල්ලාහ් මෙසෙ පවසයි..
" නියතව අපිම මෙම පුස්ථකය පහළ කර ඇත්තෙමු. තවද' නියතව අපිම එය ආරක්ෂා කරන්නන් වෙමු."
( අල් කුර්'ආන්:-15-9 )
" නියතව එය එක්රැස් කිරිමද එය කියවිමට සැලැස්විමද. අපගෙ වගකිම වේ."
( අල් කුර්'ආන්:75-17 )
අල් කුර් 'ආනය අල්ලාහ් විසින්ම ආරක්ෂා කරන නිසා පෙර දේව ග්රන්ථ මෙන් අල් කුර්'ආනය මිනිසුන්ට කිසිදු වෙනස් කමක් සිදු කිරිමට නොහැකිය.
අල් කුර්' ආනය මුඵ මිනිස් සමාජයටම මග පෙන්වයි මං මුළාව නැමති අන්ධකාරයේ සිට අලෝකය කරා මිනිසාව කැටුව යයි..
අල්ලාහ් මෙසෙ පවසයි.
" නියතව මෙම අල් කුර්'ආනය වඩාත් අවංක දේ කරා මග පෙන්වයි. යහ කම් කරන විශ්වාස වන්තයින්ට නියතව ඉහමත් කුලිය ඇතැයි සුබාරංචි පවසයි."
( අල් කුර්'ආන්: 17-9 )
අල් කුර්'ආනය අවසන් විණිශ්ය දිනයෙ පරායණ කල අය වෙනුවෙන් අල්ලාහ් ඉදිරියෙ සාක්ශි දෙන බව පහත හදිසියෙන් මනාව වැටහේ..
අබු උමාමතුල් බාහිලි ( රලි ) මෙසේ දන්වයි..
" අල් කුර්'ආනය පරායණය කරන්න. එය කියාමත් දිනයෙහි ඔබ වෙනුවෙන් ආයාචනා කරනු ඇත." අල්ලහ්ගෙ දුතයාණන් නබි මුහම්මද් ( සල් ) පවසනු මා ඇසුවෙමි..
( ග්‍රන්ථය:- මුස්ලිම් )
අල් කුර්'ආනය පහළ වු දා සිට එය මිනිසුන්ගෙ හදවත් තුලත් පුස්තකවලත් සුරක්ෂිත කරණු ලබමින් පවතින්නෙය.
ලොව පහළ වු අනිකුත් දේව ග්රන්ථ එම ආගම්වල පුජකවරුන් හා මිනිසුන් පරිහරනය කිරිම හා කට පාඩම් කිරිමක් දකින්නට නොලැබේ.
නමුත් පරිශුද්ධ වු අල් කුර්'ආනය ලෝ වෙසෙන විවිධ භාෂා කථා කරන මුස්ලිම්වරුන් එය පහළ වු " අරාබි " බසින්ම පරායණා කරයි. සම්පුර්ණ ග්රන්ථයම කට පාඩම් කළ දහස් සංඛ්‍යාත " හාෆිස් " වරුන් ද ලොව පුරාම ඇත. ඔවුන්ගේ හදවත් තුල එය සුරක්ෂිතව ඇත.
පරිශුද්ධ වු අල් කුර්'ආනය නවින විද්‍යාවටද අබියොගයකි.
අල් කුර්'ආනය විස්තර කරන්නා වු මිනිසාගේ ශරිරයේ පිහිටිම හා ( මව් කුස තුල ඇති කළළය ), අහස හා පොළොව, ඉර සද වැනි ග්‍රහයන්ගෙ පිහිටිම හා එවායෙ ක්‍රියා කාරකම් ගැන අල් කුර්'ආනයේ සදහන්ව ඇති කරුණු සියල්ලම අද නවින විද්‍යාව විසින් සොයාගෙන හා තවමත් සොයමින් පවති. නමුත් අදට අවුරුදු 1437 පෙර මෙම විද්යානු කුල තතු අල් කුර්'ආනය පවසයි.
මේ අනුව අල් කුර්'ආනය යනු. සමාන්‍ය පොතක් නොව මෙය දේව ග්රන්ථයක් බවට විද්‍යාව ශාක්ෂි දරයි.
අල් කුර්'ආනය පිළිබදව තවත් බොහො කරුණු ලිවිමට හැක. නමුත් මාගෙ ලිපිය දිර්ග වැඩි බැවින් මා වෙනත් ලිපියකින් නැවත් පරිශුද්ධ වු අල් කුර්'ආනය පිළිබදව කරුණු පැහැදිළි කිරිමට බලාපොරොත්තු වෙමි..
~ පැසසුම් සියල්ල අල්ලාහ්ටමය ~
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

No comments:
Post a Comment