Search This Blog

Wednesday, 23 November 2016

රැවුල පිළිබදව ඉස්ලාම් දහමේ පවසන්නෙ කුමක්ද???

රැවුල පිළිබදව ඉස්ලාම් දහමේ පවසන්නෙ කුමක්ද???
මිනිස් වර්ගයාගෙන් කාන්තාව හා පිරිමියාවත් සතුන්ගෙන් ගැහැණු සතුන් හා පිරිමි සතුන්වත් වෙන් වෙන් වශයෙන් හදුනා ගැනිමට " අල්ලාහ් " එකිනෙකාට ආවෙනික වු විවිධ වෙනස් කම් සහිතව මවා ඇත..
මෙයින් පිරිමියාගේ ( රැවුල ) හා පිරිමි සත්වයින්ගේ ( රෝම ) විශෙෂ තැනක් ගනි.
සෑම පිරිමියෙකුම තමන්ගේ රැවුල වැවිය යුතුය. කිසිම විටක රැවුල සම්පුර්ණයෙන් කපා නොදැමිය යුතුය.
නබි මුහම්මද් ( සල් ) තුමාණන් ඔහුගේ රැවුල කපු බවට එකදු අල් හදිසියකවත් සදහන් නොවෙ..
නබි මුහම්මද් ( සල් ) තුමාණන් පවසයි..
" ඔබ මුෂ්‍ රික්වරුන්‍ට සමනොවන්න. ඔබේ රැවුල වැවෙන්න හරින්න. ඔබේ උඩු රැවුල කපා අඩුකරන්න."
( සහීහුල් බුහාරි:-5892,5893 )
නබි මුහම්මද් ( සල් ) තුමාණන් පැවසු බව. උමර් රලියල්ලාහු අන්හු තුමා වර්තා කරයි..
" ඔබේ යටි රැවුල වැවෙන්න හරින්න. උඩු රැවුල කපා හරින්න."
( ග්‍රන්ථය:- මුස්ලිම් 259,260 - අබු දාවුද් 4199 )
ඉහත අල් හදිස් වලින් පවසන්නෙ. තමන්ගේ යටි රැවුල වවන ලෙසය.
යටි රැවුල වවා උඩු රැවුල කපා හැරිය යුතුය එසෙ නැත්නම් කොට කල යුතුය. ආහාර අනුභව කරනා විට උඩු රැවුල ආහාර සමග කට ඇතුලට නොයා යුතුය..
නබි තුමාණන්ගේ සුන්නාව ඒ ආකාරයෙන්ම පිළිපදින්නන් තමන්ගේ රැවුල කෙදිනකවත් කපන්නෙ නැත.
අපගේ මුතුන් මිත්තන් තමන්ගේ රැවුල කෙදිනකවත් කැපුවෙ නැත.එයට විවිධ මොස්තර කරෙද නැත. ඔවුන් තමන්ගේ රැවුල ඔවුන්ට ඉතාමත් අලංකාරක් හා ආඩම්බරයක් ගෞරවයක් ලෙස සිතුහ.
නබි මුහම්මද් ( සල් ) තුමාණන් පවසයි..
" ඔබ මජුසිවරුන්ට ( අග්ණිවන්දනා කරුවන් ) ගේ චරියාවට වෙනස් කම් කරන්න. ඔහුන් ‍යටි රැවුල් කපා හැර උඩු රැවුල වවයි."
( ග්‍රන්ථය:- බුහාරි 5892 )
මුස්ලිම් නොවන්නන් යටි රැවුල සම්පුර්ණයෙන් ඉවත් කර උඩු රැවුල වවයි. මෙය මුස්ලිම්වරුන්ට සුදුසු නැති බව ඉහත් අල් හදිස් එකෙන් මනාව පැහැදිලි වෙයි..
ලොකය දියුණු වෙමින් පවතින අද වැනි යුගයක. පිරිමින් රැවුල විවිධා කාර මොස්තර කරමින් හැඩ වැඩ දමමින් කපයි මෙය මුස්ලිම් නොවන ( අන්‍යාගමිකයන් ) කරන ක්‍රියාවකි. පැහැදිලිවම එය මුස්ලිම්වරුන්ට හරාම් ක්‍රියාවකි..
අද බොහො මුස්ලිම්වරුන් තමන්ගේ රැවුල සම්පුර්ණයෙන් ඉවත් කරයි. මෙය නබි තුමාණන්ගේ සුන්නාවට පිටු පැමකි.
රැවුල සම්පුර්ණයෙන්ම ඉවත් කිරිම සිzනා ( අනාචාරයේ හැසිරිම ) ටත් වඩා විශාල පාපයකි. එනම් සිzනා කිරිමට චේතනා කරගෙන එය නොකරානම් ඔහුට පාපයක් ලිය වෙන්නෙ නැත. ඔහු සිzනා කලානම් එම මොහොතට පමණක් ඔහුට පාපයක් ලියවෙ.
කෙනෙකු රැවුල සම්පුර්ණයෙන් ඉවත් කරානම් ඔහුට පාපය ලියවිගෙනම තිබෙන්නෙය. එසෙනම් සිzනා කිරිමට වඩා මෙය විශාල පාපයක් බව අප තෙරුන් ගත යුතුය..
පිරිමින්ගේ රැවුල ඉවත් කිරිමෙ ක්‍රමය බටහිර රටවල් වලින් පෙන්වාදුන් ක්‍රමයකි. මුස්ලිම්වරුන් වශයෙන් අපි කිසිම අන්‍ය සමාජයක් අනුකරණය නොකල යුතුය.
රැවුල වැවිම යනු තමන්ගේ මුහුණට එය ප්‍රසංනව තිබිමයි. ( කෙල ගැසුවොත් එකත් රැවුලෙ, කෑමක් කැවොත් එකත් රැවුලේ ) මෙයා කාරයට අප්‍රසන්නව ඔබගේ රැවුල තබා නොගන්න වග බලා ගන්න..
නිතරම තමන්ගේ රැවුල පිරිසිදුව ලස්සනට පිලිවෙලකට තබා ගන්න. එය නබි තුමාණන්ගේ සුන්නාවකි..
අප පොදුවෙ අසා ඇති කියමනක් නම් රැවුල තිබෙන්නෙ සිංහයන්ට බවයි..
රැවුල අයත් වන්නෙ මුස්ලිම්වරුන්ටම පමණක් නොව එය සෑම පිරිමියෙකුටම පොදු දෙයකි.
සියලුම ප්‍රශංසා අපව මවා පාලනය කරන්නා වු අල්ලාහ්ටමය..
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

No comments:

Post a Comment