Search This Blog

Wednesday, 18 January 2017

ඔබ ඉරිසියා නොකරන්නේ ඇයි??? ඔබ ඉරිසියා කරන්න ඔබට වඩා කුසල් ක්‍රියාවන් කරන අයට... ඔබ ලෝබ නොවන්නේ ඇයි??? ඔබ ලෝබ වෙන්න ඔබ අමාරුවෙන් කල කුසල් තව කෙනෙකුට දිමට...

ඔබ ඉරිසියා නොකරන්නේ ඇයි???
ඔබ ඉරිසියා කරන්න ඔබට වඩා කුසල් ක්‍රියාවන් කරන අයට...
ඔබ ලෝබ නොවන්නේ ඇයි???
ඔබ ලෝබ වෙන්න ඔබ අමාරුවෙන් කල කුසල් තව කෙනෙකුට දිමට...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔබ ඉරිසියා නොකරන්නේ ඇයි???
ඉරිසියා කිරිම හා ලොබ කම් ( මසුරු කම්, තන්හාව ) ඇති කර ගැනිම. මුස්ලිම්වරුන්ට තහනම් ක්‍රියාවකි. මෙ පිළිබදව අල්ලාහු තආලා හා නබි මුහම්මද් ( සල් ) තුමාණන්ගේ උපදෙස් බොහො ඇත..
නමුත් මුස්ලිම්වරයෙකුට ඉරිසියා කිරිමට අවසර ඇත. ඒ අදිකව අල්ලාහ්ට ඉබාදත් කරන අල්ලාහු තආලාට ආදරය කරන අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ආගමික දැණුම අන් අයටත් ලබා දෙන අයට...
එවැනි කෙනෙකු දැක ඔහුට වගේ මටත් අල්ලාහු තආලාට ඉබාදත් කරන්න ඔහුටත් වඩා අල්ලාහු තආලාට ආදරෙ කරන්න අල්ලාගේ මාර්ගයේ වියදම් කරන්න අන් අයට ආගමික දැණුම ලබා දෙන්න තිබුනා නම් කියා සිතේ ඉරිසියාවක් ඇති කරගත හැක...
නබි මුහම්මද් ( සල් ) තුමාණන් පැවසු බව.
ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුතුමා වර්තා කරයි..
" දෙදෙනෙකුට හැර වෙන කිසිවෙකුට ඉරිසියා නොකළ යුතුය.
1). අල්ලාහ් ධන සම්පත් ( වස්තුන් ) ලබා දී යහ මාර්ගයේ වියදම් කිරිමට සලස්සවන්නා.
2). අල්ලාහ් ආගමික දැණුම ලබාදී ඒ මගින් අන් අයට තින්දු දී අනිත් අයටද ( උගන්වන්නා ) දැණුම ලබා දෙන්නා.
( ග්‍රන්ථය:-බුහාරි )
මෙ දෙදෙනාට හැර අපට වෙන කිසිම කෙනෙකුට හා කිසිම දෙයකට ඉරිසියා කිරිමට නොහැක.
අපි එකිනෙකා කුසල් ක්‍රියාවන් කිරිමට තරග වැදිය යුතුය. එයාටත් වඩා මං කුසල් ක්‍රියාවන් කළ යුතුයි. එයාටත් වඩා මං නොම්බි ( උපවාසයේ ) සිටිය යුතුයි. එයා වගේම මාත් අල් කුර්ආනය පරායනා කළ යුතුයි. මාත් ආගම දැණුම වර්දණය කර ගත යුතුයි. මං දන්න දේ තව කෙනෙකුට කියා දිය යුතුයි. යන්න තම සිතින් සිතිය යුතුයි. කුසල් ක්‍රියාවන් සදහා තරග කල යුතුයි..
අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ් ගැන කථා කරන්න.අපට වෙනම වෙලාවක් වෙන් කර ගන්න අවශ්‍යමද?
අල්ලාහ් මෙසෙ පවසයි..
" විශ්වාසවන්තයිනි! නුඹලාගේ සම්පත් ( වස්තුන් ) හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ව සිහි කිරීමෙන් නුඹලාව වෙනතකට යොමු නොකළ යුතුය. කවුරුන් හෝ මෙසේ කරන්නෙද ඔවුන් නියත වශයෙන්ම පාඩුවුවන්ය."
( අල් කුර්ආන්:-63-9 )
එදිනෙදා අපගේ ( රැකියාව ) හො නිවසේ වැඩ කටයුතු කරන ගමන් සිතින් අල්ලාහ්ව සිහි කරගෙන ( සිzක්කර් ) කරමින් සිටිනවානම්.
තම බිරිද සමග තම සැමියා සමග තම දරුවන් දෙමාව්පියන් හා නිතරම හමුවෙන මිතුරන් සමග අපි අල්ලාහ්ව මෙනෙහි කරනවනම් එයටත් අපිට අධික කුසල් ලැබෙනවා..
අපි එකිනෙකා හමු උනහම කොතරන් වචන හුව මාරු කර ගන්නවාද ඒයින් සමහරක් පරලොවට තියා මෙලොවටවත් කිසිම ප්‍රයොජනයක් නැති පුහු වචන වෙන්න පුලුවන්. ඒත් අපි අල්ලාහ් ගැන රසුලල්ලාහ් ගැන කථා කරානම් ඊමානය වර්දනය කර ගැනිම සම්බන්දව කථා කරානම් ඒ කථා කරපු සෑම වචනයක්ම අපිට මෙලොවට නැතත් පරලොවට ප්‍රයොජනයක් වෙනවාමයි..
ඔබ අල්ලාහ් හා රසුලල්ලාහ් පිලිබදව එක් වචනයක් හෝ දැන ගත්තානම් එය තවත් කෙනෙකුට පවසන්න තවත් කෙනෙකුට කියා දෙන්න එය මුස්ලිම්වරයෙකුගේ යුතුකමක් හා වගකිමකී..
ඔබ ලෝබ නොවන්නේ ඇයි???
අපි මිල මුදල් අධික ධන සම්පත්වලට ලොබ නොවිය යුතුය. එම නිසා තමයි අල්ලාහ් මිනිසාට අධික වශයෙන් සදකා ( දන් ) දෙන්න කියා පවසන්නේ..
නමුත් අපි අමාරුවෙන් කළ අපේ කුසල් ( අමල් ) තව කෙනෙකුට දීමට ලොබ විය යුතුය.
සමහර මිනිසුන් සිතනවා මා දැන් කුසල් කරා ඇති. මෙය හොදටම ප්‍රමාණවත් තව කුසල් කරන්න අවශ්‍යනැ යනුවෙන්.
අපි කොපමණ කුසල් කරාද එය අපට ස්වර්ගයට යාමට ප්‍රමාණවත්ද නැද්ද එය දන්නේ අල්ලාහ්ම පමණයි..
නබි මුහම්මද් ( සල් ) තුමාණන් පැවසු බව.
අබු හුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා වාර්තා කරයි..
" කවරෙකු තම සහොදරයෙකුගේ ආත්ම ගරුත්වයට හෝ වෙනත් කරුණකදී හානියක් සිදු කළහොත්' ඔහු ( දිනාර් හෝ දිර්හාම් නැමැති මුදල් ) නොමැති කියාමත් ( අවසන් විනිච්චය ) දිනය ඒමට ප්‍රථම අදම ඔහුගෙන් නොදොස් වන්න. ( සමාව ගන්න ) එසේ නොකලහොත් ඔහුගේ යහ ක්‍රියාවන් වලින් ( අමල් වලින් ) ඔහු කළ පාප ක්‍රියාවෙ ප්‍රමාණයට ගනු ලැබේ. එලෙස හොද යහ ක්‍රියාවන් ( අමල් ) නොමැතිනම්. ඔහුගෙන් හානියට පත් තැනැත්තාගේ පාපයන් මොහුට ලියනු ලැබේ."
( ග්‍රන්ථය:- බුහාරි )
මෙ හදිස් එක තවත් ආකාරයකට මෙසෙ සදහන් වේ..
" මිනිසාගේ අතින් නොදැනුවත්ව. වු වැරදි වලට ' අල්ලාහ් ' සමාව දෙනු ඇත. එහෙත් මෙලොවදි මිනිසාගෙන් අනෙක් මිනිසාට කළ වැරදි හා අසාදාරන කම් වලට එහෙදී ( පරලොවෙදි ) වන්දි ගෙවිය යුතුවන්නේ. තමන් මෙලොවදි එක් රැස් කළ කුසල් ( අමල් ) වලිනි. එම නිසා සමහරුන් කදු වශයෙන් රැගෙන ගිය කුසල් තොගය වන්දි වශයෙන් අසාදාරනයට ලක් වුවන්ට දුන් පසු නරකාදියට ( නිරයට ) නියමවනු ඇත.."
මෙසෙ අපෙන් මිනිසාට හා සතා සිව් පාවුන්ට පවා උන සෑම වැරැද්දකටම සෑම අසාදාරණයකටම ආකිරාහ්වෙදි වග කියන්න සිදු වෙනවා. එදාට අපිට වන්දි ගෙවන්න මිල මුදල් නැ, රන් රිදී මුතු මැණික් නෑ. අපට තිබෙන්නේ අපේ කුසල් අපි අමාරුවෙන් කළ කුසල් පමණයි. ඒ කුසල් එම වන්දි ගෙවිමට ප්‍රමාණවත් නොවුනොත් යා අල්ලාහ් අපට නිරයේ නිරා ගින්නේ දැවෙන්නට තමයි සිදු වෙන්නේ..
එම නිසා අපි අපේ කුසල් ආරක්ෂා කරගත යුතුයි.අපි අදිකව කුසල් රැස් කල යුතුය. අප මෙලොවදි එකතු කර ගන්න සෑම කුසලක්ම පරලොවෙදි අපට ප්‍රයොජනවත්වෙ..
අපි හැමොම මෙ ලොකයට අවේ ඉතාමත් කෙටි කාලයකට බවත් මෙ ලොකයේ ජිවිතය ( ස්වර්ගය හා නිරය ) තොරා ගැනිමේ එක් පරික්ෂාවක් බවත් අමතක නොකරමු..
අල්ලාහ් මෙසෙ පවසයි..
" මෙලෝ ජිවිතය විනෝදයක්ද නිෂ්ඵල දෙයක්ද වේ."
( අල් කුර්ආන්:-47-37 )
" තවද' අලංකාර ලෙස මෙ සියල්ලම මෙලෝ ජිවිතයෙහි සැප සම්පත් හැර වෙන නොමැත. එලොව නුඹගේ 'රබ්' හමුවෙහි බිය බැතියන්ට අයත් දෙයක් වේ."
( අල් කුර්ආන්:-43-35 )
මෙවැනි අල් කුර්ආන් වැකි අපමණ ප්‍රමාණයක් මෙලෝ ජිවිතය හුදෙක්ම රැවටිමක් බව පවසා ඇත..
ඔබට හැකී සෑම අවස්ථාවකම කුසල් ක්‍රියාවක් කිරිමට යුහුසුලු වෙමු. අපගේ මරණය කොයි මොහොතෙ සිදුවෙවිද දන්නේ නැහැ. මරණයත් සමග කුසල් කිරිමේ හැකියාවද අවසන් වේ. එම නිසා මරණය අප කරා ලංවිමට ප්‍රථම අපි පුලුවන් උපරියෙන්ම කුසල් ක්‍රියාවන් කෙරෙහි නැඹුරු විය යුතුයි..
ආගමික දැණුම ( ඉල්ම් ) වර්දණය කරගන්න ඔබට කොතනද පුලුවන් එතනින් ඔබේ දැණුම වර්දණය කර ගන්න එවගේම අන් අයටත් ඔබේ දැණුම ලබා දෙන්න පසුබට වෙන්න එපා..
* පැසසුම් සියල්ල අපව මවා පාලනය කරන්නා වු අල්ලාහු තආලාටමය *
** සාහ්රා අමාණියා මෙන්ඩිස් **

No comments:

Post a Comment