අස්සලාමු අ'ලෛයිකුම් වරහ්'මතුල්ලාහි ව බරකාතුහ්!
ඉස්ලාම්හි ස්ත්‍රීන් ගේ ස්ථාවරය !!!
ඉස්ලාම් ධර්මයේ ස්ත්‍රීන් හට ලබාදී ඇති අයිතිවාසිකම් පිළිබදව දැන ගැනීමට පෙර, ඉස්ලාම් ධර්මය පැමිණීමට ප්‍රථම සමහර සමාජයන්හි ස්ත්රීන්ට හිමව පැවති ස්ථානය හා ඔවුන් පිළිබද ස්ථාවරය පැහැදිලිවම දැන ගැනීමට අවශ්‍යවේ..
ග්‍රීක ජාතින් ස්ත්‍රීන් වෙළද භාණ්ඩයක් ආකාරයට පිළිගත් අතර ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් හිමිනොවුන අතර සැම හිමිකමක්ම පිරිමින්ට පමණක් හිමිවූණි. කාන්තාවන්ට ( සම්පත් කෙරෙහි ) දෙවෙනි උරුමයද, මුදල් පරිහරණය කිරීමේ අයිතියද තහනම් වූ අතර.
ඔවුන්ගේ ප්‍රකට විද්‍යාඥයා වූ සෝක්රටීස් ( Socrates ) ස්ත්‍රීන්ව හැදුන්වුයේ " විශ්වයේ භයානක විනාශයට ස්ත්‍රීන් මුලිකම හේතුව වන්නේය. ස්ත්‍රීන් භාහිරයෙන් සෞන්දර්ය අලංකාරයෙන් යුත් විෂ ගසකට සමානය එබැවින් එම ගසේන් යම්කිසි දෙයක් අනුභව කරන පක්ෂින් එම මොහොතේම මැරුම් දකිති " යනුවෙන් ඔහු තම මතය පළකර ඇත..

රෝම ජාතින් ස්ත්‍රිය පණ නැති වස්තුවක් ලෙස සිතුහ. ඔවුන් අතර ස්ත්රීන්ට කිසිදු වටිනාකමක් හෝ අයිතිවාසිකමක් හෝ හිමි නොවිය. ස්ත්‍රිය පණ නැති දෙයක් ලෙස ඔවුන් සිතු නිසා ස්ත්රීන්ගේ ශරීරය මතට උණුකරන ලද තෙල් වක්කරමින්ද, කුළුණු මත බැද තබා වද දුන්හ.
මෙපමණක් නොව කිසියම් වරදක් හෝ නොකළ ස්ත්‍රීන් හටද අශ්වයන්ගේ කරත්තයේ බැද මරණය දකින තරමට අධික වේගයෙන් එය පදවන්නේය..
මෙපමණක් නොව කිසියම් වරදක් හෝ නොකළ ස්ත්‍රීන් හටද අශ්වයන්ගේ කරත්තයේ බැද මරණය දකින තරමට අධික වේගයෙන් එය පදවන්නේය..
ඉන්දියානුවන් බැල්මද ස්ත්‍රීන් පිලිබදව මෙසේ පැවතිය. ඔවුන්ගේ සිතුවිලි අන් අයට වඩා වෙනස් වූ අතර. ඔවුන් ගැහැණු දරුවෙක් උපන් විට ඇයව එම මොහොතේම ගස්ලබු කිරි හෝ වස දී මරණ අතර ඉන් සමහරක් පණපිටින් වලලයි. සැමියා නැසී ගිය කාන්තාවක් නම් සැමියගේ චිතකයට පැන ඇයත් දැවී මිය යන්නට ඉන්දියානුවන්ගේ මතය අනිවාර්ය වුහ..
චීන වැසියන් ස්ත්‍රියන් සෞභාග්යන් හා සම්පත් සෝදාගෙන යන ( විනාශකරන ) දෙයක් බවට සලකු අතර ඔවුන්ට තම බිරිදව පණපිටින් වැළලීම හා විකිණීමේ අයිතිය ද හිමිව තිබුණි..
යුදෙව්වරුන් ස්ත්‍රීන් පාපයට ලක්වූ අය ලෙස සැලකුහ. ලොව පළමු කාන්තාව වූ හවුවා ( ඒවා ) තුමිය. ( එතුමියට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. ) ලොව පළමු මිනිසා වූ අදාම් ( අලෛ ) තුමාව ( එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. ) අයහමගට යොමුකොට ( තහනම් කළ ගසෙන් ) අනුභව කිරීමට මග පෙන්වූ නිසා ස්ත්‍රීන් ෂෛතාන්ට සම කළහ.
ඔපස් ( පිරියඩ්ස් ) ඇති ස්ත්‍රීන් සිටින නිවසද ඇය අල්ලන දේද අපිරිසිදු යැයි ඔවුන් සිතුහ. තවද ඇයට සහෝදරයන් සිටියේද ඇයට පියාගේ ධනයෙන් කිසිදු හිමිකමක් නැතිබව ඔවුන් සිතුහ..
ඔපස් ( පිරියඩ්ස් ) ඇති ස්ත්‍රීන් සිටින නිවසද ඇය අල්ලන දේද අපිරිසිදු යැයි ඔවුන් සිතුහ. තවද ඇයට සහෝදරයන් සිටියේද ඇයට පියාගේ ධනයෙන් කිසිදු හිමිකමක් නැතිබව ඔවුන් සිතුහ..
ක්‍රිස්තියානි ජාතිහු ස්ත්‍රීන්ව ෂෛතාන් වශයෙන් සැලකුහ. ක්‍රිස්තියානි ආගමික උගතෙකු " ස්ත්‍රීන් මිනිස් ජාතියට අයත් නොවන්නන් බව " පැවසිය.
ශුද්ධ බුනා වෙන්ටුර් යන්නා. " ඔබ ස්ත්‍රියක් දුටුවෙනම් ඇය මිනිස් ජාතියට අයත් තැනැත්තා බව හෝ පණ ඇති දෙය ලෙස හෝ නොසිතන්න. නියතවශයෙන්ම ඔබලා දකින්නේ යක්ෂයාගේ රූපය බවත් ඔබලා අසා සිටින ඇයගේ කටහඩ යක්ෂයා ගොරවන ශබ්දය බවත් " පවසන්නේය.
තවද 19 වැනි සියවසේ මැද භාගය තෙක් ඉංග්රීසින්ගේ සාමාන්‍ය නිතිය අනුව ස්ත්‍රීන් ප්‍රජා අයිතීන් ලද අය බව නොසැලකිය. එමෙන්ම ස්ත්රීන්ට කිසිදු මිනිස් අයිතිවාසිකමක් හෝ ඇය පළදින ඇදුම් පැළදුම් ඇතුළු කිසිදු දෙයකට හෝ උරුමකම් නොහිමිව තිබිණ.
වර්ෂ 1805 දක්වා ඉංග්රීසින්ගේ නිතිය අනුව " සැමියෙක්ට තම බිරිදව විකිණීමේ අයිතිය තිබුණ අතර බිරිදගේ වටිනාකම පැන්ස් හයක් ( 6 ) එනම් ෂිලින් භාගය ( Six Pence Is Half Shilling ) යනුවෙන් නිගමනය කළහ. ( පැන්ස් හා ෂිලින් යනුවෙන් හදුන්වන්නේ පැරණි ඉංග්‍රීසි කාසි වල නම්ය..)

1567 වන වසරේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව " ස්ත්රීන්ට කිසියම් දෙකට බලයක් නොදිය යුතුයි යනුවෙන් " නීතියක් පැනවිය..
8 වෙනි හෙන්රි ( Henry VIII ) ගේ කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව " ස්ත්‍රීන් අපිරිසිදු අය බැවින් බයිබලය පාරයනා නොකළ යුතුයි " යනුවෙන් නීතියක් සම්මත කළේය..
586 වැනි වසරේ ප්‍රංශ ජාතින් " ස්ත්‍රීන් මිනිස් ජාතීන්ට අයත් ද නැද්ද " යනුවෙන් සමීක්ෂණයක් කිරීම සදහා කමිටුවක් පත්කළහ.
ඔවුහු ස්ත්‍රීන් මිනිස් ජාතියට අයත් වූ නමුත් ඔවුන් මවන ලද්දේ පිරිමින්ට ආවතේව කිරීම සදහා බව තීරණය කළහ..
ඔවුහු ස්ත්‍රීන් මිනිස් ජාතියට අයත් වූ නමුත් ඔවුන් මවන ලද්දේ පිරිමින්ට ආවතේව කිරීම සදහා බව තීරණය කළහ..
ඉස්ලාම් ධර්මය පැමිණෙන්න කලින් අරාබිවරු අතරේ ස්ත්‍රිය නින්දිත වස්තුවක් ලෙසද, සම්පත් හිමිකම් ලැබීමට හෝ අයිතිවාසිකම් ලැබීමට සුදුසු නොවන අය ලෙසද, කිසිදු සැලකීමක් නොලද අය ලෙසද පිළිගැනීමක් තිබුණි. එපමණක් නොව අරාබිවරු තම දියණියන් පණපිටින් කාන්තාරයේ වලලන්නන් ලෙසද සිටිහ..
මේකි සෑම අපරාධයකින්ම ස්ත්‍රීන් මුදාගැනීම සදහා ස්ත්‍රීන් හා පිරිමින් සමාන බවත් පිරිමින්ට සේම ස්ත්‍රීන්ටද අයිතිවාසිකම් හිමිව ඇති බවත් පැහැදිළි කිරීම සදහා " ඉස්ලාම් " ධර්මය මිනිසා උදෙසා නබි මුහම්මද් ( සල් ) තුමාගේ මාර්ගයෙන් මිනිසා වෙත පහළ වුහ..
මේ බව අල්ලාහ් මෙසේ පවසයි..
" මනුෂ්යයණි, නිසැකයෙන්ම අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් ගැහැණියකුගෙන්ම උත්පාදනය කළෙමු. පසුව කෙනෙකු අනිත් කෙනාව හැදුණා ගැනීම පිණිස ජාතින් බවටද ගෝත්‍රිකයින් බවටද පත්කළෙමු. ( එබැවින් ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට වඩා උසස් යැයි ආඩම්බර බස් දෙඩීමට තරන් දෙයක් නැත. එහෙත් ) ඔබගෙන් කවුරුන් ඉතාමත් බය භක්තිකයන් වශයෙන් සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයේ ඉතාමත් ගෞරවණිය කෙනෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොදින් දන්නෙකු හා හොදින් දැණුවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. "
( අල් කුර්ආන් - 49- :13 )
( අල් කුර්ආන් - 49- :13 )
" එබැවින් පිරිමි වුවද ගැහැණු වුවද ඔවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද. ඔවුන්ම ස්වර්ගයට යන්නාහ. ඔවුන්ට පොඩියක් හෝ අසාදාරණයක් කරණු නොලබන්නේය. "
( අල් කුර්ආන්- 4 -:124, 127, 128, 129 )
( අල් කුර්ආන්- 4 -:124, 127, 128, 129 )
නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..
" විශ්වාසවන්තයන්ගෙන් පරිපුර්ණ විශ්වාසවන්තයෙකු වන්නේ හොද ගතිගුණවලින් පිරුණු තැනැත්තාය. ජනයින්ගෙන් ඉතා යහපත් තැනැත්තෙකු වන්නේ තම බිරිදට යහපත් වූ තැනැත්තාය.."
( ග්‍රන්ථය - තිර්මිදී )
( ග්‍රන්ථය - තිර්මිදී )
" පුද්ගලයෙකු නබි මුහම්මද් ( සල් ) තුමාගෙන් ' මිනිසුන් අතර මිත්‍රත්වය පැවැත්වීමට වඩාත් සුදුස්සා කවරෙක්ද? යනුවෙන් ඇසිය. එයට නබි තුමා " ඔබේ මවය " යනුවෙන් පිළිතුරු දුන්හ. පසුව කවරෙක්ද? යනුවෙන් ඇසිය. නබි තුමා " ඔබේ මවය " යනුවෙන් පිළිතුරු දුන්හ. පසුව කවරෙක්ද? යනුවෙන් ඇසිය. එයටද නබිනායක තුමා " ඔබේ මවය " යනුවෙන් පිළිතුරු දුන්හ. පසුව කවරෙක්ද? යනුවෙන් ඔහු නැවත ඇසිය. එයට නබිනායක තුමා " ඔබේ පියාය " යනුවෙන් පිළිතුරු දුන්හ. "
( ග්‍රන්ථය-: මුස්ලිම් - බුහාරි )
( ග්‍රන්ථය-: මුස්ලිම් - බුහාරි )
" ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පණපිටින් නොවළලා, ඇයව අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැලකිල්ලක් නොදක්වා. ඇය පෝෂණය කරයිද, එම දෙමාපියන්ව අල්ලාහ් ස්වර්ගයට ඇතුළුකරන්නේය. "
( ග්‍රන්ථය-: අහ්මද් )
( ග්‍රන්ථය-: අහ්මද් )
මෙසේ ඉස්ලාමයෙහි ස්ත්‍රීන්හට සමාන අයිතිවාසිකම් හා දායාදයන් දී ඇති බැවින් මුස්ලිම් කාන්තා අයිති පිළිබදව තවත් විස්තර වෙනත් ලිපියකින් ඉදිරියේදී පලකිරීමට බලාපොරොත්තු
වෙමි..
වෙමි..
ස්තුතියි..
මෙම ලිපිය මුස්ලිම් කාන්තා අයිතින් යන කුඩා පොත් පිංචෙන් ගත් කරුණු වලින් සකසන ලදි..
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***
වටින ලිපියක්
ReplyDelete