Search This Blog

Wednesday, 19 October 2016

" ඉබාදත් " ඉබාදත් යනුවෙන් පවසන්නේ සලාහ්තය, සකාතය සහ උපවාසය පමණක්මද???

* ඉබාදත් *
" අබද " යන අතීතකාල ක්‍රියා පදයෙන් හැදුණු පදය " ඉබාදත් " වේ. එම වචනයෙන්ම සැදුනු තවත් නාම පදයක් නම් " අබ්ද් " එහි අර්තය " වහලා එහෙමත් නැත්නම් ගැත්තා "ය.
ඉබාදත් හි තේරුම " මිනිසා තමන් අල්ලහ්ගේ වහලෙක් " ගැත්තෙක් " බව පිළිගෙන අල්ලාහ්ටම මුළුමනින්ම අවනතවී අල්ලාහ්ගේ අණ පනත්වලට යටහත්ව අල්ලහ්ටම පමණක් වැදුම් පිදුම් කිරීමයි..
ඉබාදත් කිරීමට අපට වෙනම වෙලාවක් අවශ්‍ය වන්නේ නැත. ඕනෑම ක්‍රියාවක් ඉබාදත් වීමට නම්. අපි ප්‍රදාන කරුණු දෙකක් අනුගමණය කිරීම අනිවාර්ය වේ.
එම කරුණු දෙකනම්.
1) අල් ඉක්ලාස් ( එනම් චිත්ත පාරිශුද්ධත්වය.)
2) අල් ඉත්තිබා ( අපගේ වක්තෘවරයා වූ නබි මුහම්මද් ( සල් ) තුමාණන්ගේ මග පෙන්වීම )
ඉබාදත් යනුවෙන් අර්ථ දක්වන්නේ. සලාතය, සකාතය, උපවාසය, වැනි අනිවාර්ය වූ වත් පිළිවෙත් පමණක්ම නොව. ඉබාදත් යනු අපගේ එදිනෙදා දෛනික කටයුතු සියල්ලකදිම අල්ලාහ්ට බිය බැතියෙන් අල්ලාහ් නියම කරපු අණපනත් ක්‍රියාවට නැංවීමද වලක්වාලපු දේවල් වලින් වැලකි සිටීම ඉබාදත් වේ.
මිනිසාට මියයන මොහොත දක්වා පැමිණෙන සෑම දුක් ගැහැටක්ම ඉවසා සිටීම හා අල්ලාහ් ලබා දුන් මෙම ජීවිතය හරාම් ක්‍රියා වලින් ආරක්ෂා කර ගැනීම ද? යහපත් අයුරුන් ජිවත් වීම ද? ගෙවෙන සෑම මොහොතේම අල්ලාහ් ගැන මතකයෙන් ( මෙනෙහිකරමින් ) ජිවත් විම ද. ඉබාදත් හෙවත් අල්ලාහ්ට කරන ( නැමදුම ) යනුවෙන් හදුන්වයි..
අල්ලාහ් මෙසේ පවසයි...
" මිනිස් හා ජින් වර්ගයාව මාහට ඉබාදත් ( සම්පුර්ණයෙන්ම අවනතවී මාගේ අණ පනත් පිළිගෙන ජිවත් වීමට හා මට පමණක් වැදුම් පිදුම් කිරීමට ) හැර මා මැවුවේ නැත."
( අල් කුර්ආන්:- 51-56 )
මෙම අල් කුර්ආන් වැකිය දකින ඕනෑම කෙනෙකුට මෙසේ හැගෙයි ( හැම වෙලාවේම නැමදුම් කරගෙනම හිටියොත් අපි අපේ අනිකුත් වැඩ කරගන්නේ නැද්ද යනුවෙන්?) ඇත්තෙන්ම එය එසේමය.
අප උදැසන අවදි වූ වෙලාවේ සිට රාත්‍රී නින්දට යන මොහොත දක්වා. අප අල්ලාහ්ට නැමදුම් කර ගෙනම සිටිය යුතුය. නැමදීම හැර වෙන කිසිවක් අල්ලාහ් මිනිසාගෙන් බලාපොරොත්තුවන්නේ නැත..
මිනිසාව මවා ඔහු අල්ලාහ්ගේ සිට මෙලොවට ආදා පටන් නැවතත් අල්ලාහ් වෙතටම යන මොහොත දක්වා මිනිසෙක් මෙලොව කෙසේනම් ජිවත් වියයුතුද? යන්න පෙන්වා දීමට. අල්ලාහ් මිනිසුන් අතරින් විශිෂ්ට මිනිසුන් ( වක්තෘවරු වශයෙන් ) ලෝකයේ විවිද ප්‍රදේශවලට විවිද භාෂාවලින් ඒවා ඇත. අල්ලාහ්ගේ ( වහී ) වදන් වක්තෘවරුන් එ ආකාරයෙන්ම පිළිපැද ජිවත් වී මිනිසාට යහ මාර්ගය පෙන්වා දී ඇත.
අල්ලාහ් මිනිසාට පහල කල මෙම ධර්මය මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වා මග පෙන්වන ජිවන මාර්ගයකි.
අල්ලාහ් මෙසේ පවසයි...
" මෙය පුස්ථකය වේ. මෙහි කිසිම සැකයක් නැත. බිය බැතියන්ට යහමග පෙන්වන්නෙකි."
( අල්කුර්ආන්:- 2-2 )
අපගේ එදිනෙදා වැඩ කටයුතු සියල්ලක්ම හලාල් ( අල්ලාහ් අනුමත ) කල ආකාරයට හා නබි මුහම්මද් ( සල් ) තුමාණන් පෙන්වා දුන් ආකාරයට අප ජිවත් විය යුතුය.
ආහාර අනුභව කිරීම හා යමක් පානය කිරීම ද ඉබාදත්ය .( අල්ලාහ්ට ඉබදත් කිරීමට මිනිසා නිරෝගිව දුබලව නොසිටිමට නම් ඔහු ආහාර පාන ගත යුතුය..
අල්ලාහ් අනුමත කල දේ හැර අන්දෙයක් අපි අනුභව කිරීම හා පානය කිරිම නොකල යුතුයි. නමුත් මිනිසාට ආහාරයට කිසිම දෙයක් නොමැතිනම් අල්ලාහ් හරාම් ( තහනම් ) කල දේද එම අවස්ථාවට හලාල් ( අනුමත ) වේ..
අල්ලාහ් මෙසේ පවසයි..
" සීමාව නොයික්මවාද කවරෙකු හෝ අනුභව කිරීමට බලකරනු ලබුවේ නම්. ඔහු කෙරෙහි වරදක් නැත "
( අල් කුර්ආන්:- 2 - 173 ) වැනි වැකියෙන් කොටසක්..
අසනීප අවස්ථාවන් වලදී බෙහෙත් හේත් ගත යුතුය. මෙයත් ඉබාදත්ය. අසනීපයකදී බෙහෙත් නොගෙන සිටීම හා එයින් ජිවිතයට යම් හානියක් සිදුවීමෙන් තමන් විසින තම ජීවිතයට හානියක් කරගත් පාපයට දඩුවම් ලැබේ. එයින් මිනිසාට ඉබාදත් කිරීමට නොහැකි වේ..
වැසිකිලි කැසිකිලියට යෑම. එනම් මිනිසා ශරීරයේ තිබෙන අපවිත්‍ර ( මළ මුත්‍ර ) බැහැර කල යුතුය.. එසේ කිරීමෙන් ඔහුට නිරෝගී සෞඛ්‍යය ලැබේ..
ස්නානය කිරීම. මිනිසා සෑම අවස්ථාවකම පිරිසිදුව සිටීමට නම් ස්නානය කිරීම අවශ්‍යමය.." පිරිසිදු කම ඉමානයේ අඩක් " බව නබි මුහම්මද් සල් තුමාණන් පවසා ඇත..
තම බිරිද සමග ශාරීරිකව එකතු වීමද? දරුවන් බිහි කිරීමද ඉබාදත් වේ.
මිනිසා තම බිරිද හැර වෙනත් කාන්තාවන් ඇසුරු කිරීමේදී ඔහුට පාප ලිය වේ.. ඔහු තම බිරිද සමග එකතු වීම හා ඇය සමග සමගියෙන් සිටීම ද, ඇයගේ මුවට ( කටට ) ආහාර පිඩක් තැබීමෙන්ද කුසල් ලැබේ.
එනම් මේ සියල්ලන්ම ඉබාදත් වේ. අල්ලාහ්ගේන් කුසල් ලැබේ යන චේතනාව අපේ සිත්තුල තිබිය යුතුය..
අපි සෑම විටම යමක් පැවසීමේදී හොද දෙයක්ම ( එනම් අල්ලාහ් පිලිබදව, අල් කුර්ආනය පිළිබව හෝ අපගේ නබි නායක තුමාණන් පිළිබදව එසේත් නැත්තනම් මිනිසාට යහපතක් ඇති දෙයක්ම ) පැවසීමට වගබලාගත යුතුය. එසේ පවසන සියල්ලන්ම කුසල් ලැබෙනා කාරණාවන්ය. එනම් ඉබාදත්ය..
නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..
" නුබලා කථා කලේනම් යහපත් දෑ කථා කරන්න' එසේ නොමැතිනම් නිහඩව සිටින්න "
( ග්‍රන්ථය:- බුහාරි )
බොහොවිට මිනිසුන් එකතුවී අනවශ්‍ය දේ කථා කරමින් අනුන්ගේ අඩුපාඩු හා වැරදි සොයමින් කාලය ගෙවා දමයි. මේ සියල්ලම නොමග යවන දේවල් ( නිරයට මාර්ගය සාදා ගැනීමක් ) බව නබි නායක මුහම්මද් ( සල් ) තුමානම් පවසා ඇත..
" අඩු පාඩු කියමින්, ඕපාදූප කියමින් ඇවිදින පුද්ගලයා ස්වර්ගයට ඇතුළු නොවේ."
( ග්‍රන්ථය:- බුහාරි 6056, මුස්ලිම් 105 )
අපගේ එදිනෙදා වැඩ සියල්ලම අප සිදු කල යුත්තේ අල්ලාහ් සුබහානතආලාට යට හත් පහත්වය. එනම් අප කරන කියන සෑම දෙයකටම කුසල් ලැබේ යන අදහසින් යහ ක්‍රියාවන් කල යුතුය. එසේ නම් අපි සෑම විටම අන් අයත් සමග කථා බස් කිරීමේදී ප්‍රයෝජනවත් හා ආගමට දහමට අදාළ දෑම කථා කලයුතුය. එයින් අපට කුසල් ලැබේ අපේ ඉමානය ද දැණුමද වර්ධනය වේ.
අල්ලාහ් කෙරෙහි බිය බැති ඇති පුද්ගලයා නිතරම ඉබාදත් කිරීමට යුහුසුළු වෙයි. අපි අල්ලාහ්ට සමීපවන විට අල්ලාහ් ද අපට සමීපවේ. මෙලොවදී හා පරලොවේදී අල්ලාහ් අප සියළුදෙනාට යහපතක්ම කරත්වා. නිර ගින්නෙන් අප සියලුම දෙනාව ආරක්ෂා කරත්වා...
සියළුම ප්‍රශංසා අපව මවා පාලනය කරන්නා වූ අල්ලාහ් සුබහ්නවතආලාටම හිමිවේ..
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

Sunday, 16 October 2016

ඉස්ලාම් යනු මිලේජ්ජ ආගමක් ද ???

ඉස්ලාම් යනු මිලේජ්ජ ආගමක් ද ???
නුතන ලෝකයේ මිනිසුන් ආගම් නාමයෙන් ත්‍රස්තවාදය පතුරවමින් අහිංසක මිනිසුන් ඝාතනය කරමින් දේපල විනාශ කරමින් කරගෙන යන මේ මිලේජ්ජ ක්‍රියාව ඉස්ලාම් ආගමට බැර කර තිබෙන්නේ. මෙය ඉස්ලාම්හි ඇති දෙයක් බව හුවාදැක්වීමටය..
මුස්ලිම්වරුන්ගේ ආගමික ග්‍රන්ථයවන අල් කුරානයෙහි මෙලෙජ්ජ විධිහට මිනිස් ඝාතන කිරීමට අණ කර ඇති බව පවසමින් මුස්ලිම්වරුන්ට නිරන්තරයෙන්ම අපහස කිරීමට අපගේ අන්‍යාගමික සහෝදර සහෝදරියන් පෙළබි ඇති බැවින් මුස්ලිම්වරු වන අප දැඩි අපහසුතාවයකට හා වේදනාවට පත්වෙමි..
අයි එස් අයි එස්, අල් කයිඩා, හමාස් වැනි මිලේජ්ජ ත්‍රස්තවාදීන් මුස්ලිම්වරුන්ද?
අල් කුරානය අතේ තියාගෙන අල්ලාහු අක්බර් කී පමණින් ඔවුන් මුස්ලිම්වරුන් වෙනවද?
ඉස්ලාම්හි පවසා තිබෙන විදිහට මුස්ලිම්වරයෙක් තවත් මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. එසේනම් සහෝදරයෙක් අනික් සහෝදරයව ඝාතනය කරන්නේ කෙසේද?
සිරියාව, පලස්තීනය, ඉරාකය වැනි රටවල්වල් ජිවත් වෙන්නේ අපි වගේම අහිංසක මුස්ලිම්වරුන් එහෙමනම් ඇයි අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් ඔවුන්ව ඝාතනය කරන්නේ. එකට ප්‍රධානම හේතුවනම් ත්‍රස්තවාදියාට ආගමක් හෝ ජාතියක් නොමැතිවීමයි. ඔවුන් කරන්නේ ඔවුන්ට ඉහලින් ලැබෙන ( ඇමෙරිකාව, ඊශ්‍රායිලය ) වැනි ලොව බලවත් රටවල්වල අණ පිළිපදින එක පමණයි . එම රටවල් වල තිබෙන දේපල ( තෙල් ) තමන් සතු කර ගැනීමට හා එම රටවල් වල බලය තමන් සතු කර ගැනීමට සමහරක් රටවල් වලින් කරන මේ මිලේජ්ජ ක්‍රියාව මුස්ලිම්වරුන්වන අපි තරයේ හෙලා දකිනවා.
අල් කුරානයේ තිබෙන සමහරක් ආයත් ( වැකි ) දැනට අවුරුදු 1437ට කලින් නබි නායක මුහම්මද් ( සල් ) තුමාණන්ගේ කාලයේ පැවති යුදමය තත්වයක පහල වූ දෙයක් මිස සාමන්‍ය එදිනෙදා ජිවිතයට අදාළ වූ දෙයක් නොව. මෙය පටලවා වටහා නොගන්නා මෙන් ඉල්ලා සිටිනවා.
ඉස්ලාම්හි යුද්දයකදී වුවද පිළිපැදිය යුතු යම්කිසි නිතිමාලාවක් ඇත. මෙය මොනම හේතුවක් නිසාවත් කඩකල නොහැකිය.
අල්ලාහ් මෙසේ පවසයි..
" අල්ලහ්ටද ( ඔහුගේ ) රහ්සුල්වරයාටද අවනත වනු. ( එමගින් ) ඔබව අල්ලාහ්ගේ දයාවට ඇතුල් කරණු ලබන්නේය."
( අල් කුර්ආන්:3-132 )
" තවද නුබලා නුබලාගේ රුධ්රය වගුරුවා නොගන්න"
( අල් කුර්ආන්: 2-84 )
" ඔවුන් සටන් කරන තෙක් නුබලා ඔවුන් සමග එහි සටන් නොකරන්න."
( අල් කුර්ආන්:2-191 )
" ඔවුන් සටන් කිරීමෙන් ඉවත්වන්නේ නම් අපරාධකරුවන් කෙරෙහි විනා කිසිදු සීමාවක් ඉක්මවිමක්ද සුදුසු නැත."
( අල් කුර්ආන්: 193 )
" බෙලහීන ( රෝගී, මහළු ) පිරිමින් හා ගැහැණුන් සදහාද, කුඩා දරුවන් සදහාද. මොවුන්ව ආරක්ෂා කරගැනීම සදහා අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ද කරන්න."
( අල් කුර්ආන්:4-75 )
මෙය 4 පරිච්චේදයෙ 75 වැකියෙන් උපුටාගත කොටසකි. මෙයින් පවසන්නේ රෝගී වූ මහළු වූ පිරිමින් හා කාන්තාවන් සහා කුඩා දරුවන් වෙනුවෙන් ( ඔවුන්ට වෙන ඕනෑම අසාධාරණයකදී අල්ලාහ්ගේ මාර්ගයේ ( අල්ලාහ් පැවසු පරිදි ) ඔවුන්ට සාධාරණය ලබාදෙන්න යනුවෙන් මිසක. මිනිස් ඝාතන කරමින් අපරාධ කිරීමට නොව..
මෙහි මා උපුටා දැක්වුයේ අල්ලාහ් සාමය හා සහජීවනය මිනිසුන් අතර ඇති කිරීම සදහා පවසා ඇති කරුණු කීපයකි. බුද්ධිමත් කෙනෙකුට මෙය හොදින් වටහාගන්න පුළුවනි.
ඉස්ලාම් යනු සාමය හා ජිවනය සදහා ලොව සිටින සියලුම දෙනාට පාට, ජාති, කුල භෙදයකින් තොරව ආරාධනා කරන එකම ආගමයි. නමුත් ජනමාද්‍ය මගින් මෙය මිනිසුන් ඝාතන කරන මිනිසුන් අතර සාමය සහ ජීවනය නැති කරන අමානුශික ආගමක් ලෙස හුවාදැක්වීම. කනගාටුවට කරුණකි. එය එසෙ වන්නට හෙතුවනම් ලොව සිටින ප්‍රබල නායකයින්ගෙ බඩවඩා ගැනිම සදහා යොදපු කූට උපක්ක්‍රමයක ප්‍රතිපලයකි...
නබි මුහම්මද් ( සල් ) තුමාණන් යුද්දයකදී පිළිපැදිය යුතු නිතින් 10 පනවා ඇත.
මෙම නිතිමාලාවට පිටින් ක්‍රියා කරොත් එය අල්ලාහ්ට හා රහ්සුල්වරයාගේ අණට පිටුපැවා හා සමාණය.
( එම නිතින් 10 )
1) වයස්ගතවුවන් නොමරන්න.
2) අන්‍යාගමික ස්ථානයන් විනාශ නොකරන්න.
3) ගස්කොලන් නොකපන්න.
4) ළමුන් ( කුඩා දරුවන් ) නොමරන්න.
5) සිරකරුවන්ට කරුණාව දක්වන්න.
6) කාන්තාවන් නොමරන්න.
7) අන්‍යාගමික පුජකවරු නොමරන්න.
8) යටත් වූ සතුරන් නොමරන්න.
9) අසනීපව සිටින වුන් නොමරන්න.
10) ඉස්ලාමය වැළද ගන්න බල නොකරන්න.
යුදමය අවස්ථාවක මෙවැනි නිතින් කවුරුන් අනුගමනය කරයිද කියා ඔබට සිතෙන්ට පුළුවන් නමුත් නබිතුමාගේ අනුගාමිකයින් එම නිතිය එලෙසම පිලිපද්දාය.
අද තිබෙන යුද්දයේ මෙවැනි නිතින් අනුගමනය කරනවාද නැත. ඔවුන් කුඩා දරුවන් කාන්තාවන් හා මහල්ලන් ඉලක්ක කරගනිමින් මිලේජ්ජ ලෙස භුමියෙහි අපරාධ කරමින් සිටිනවා.
( ඉන් ෂා අල්ලාහ් ) අල්ලාහ් ඔවුන්ට වේදනාකාරී දඩුවම් ලෑස්තිකර තිබෙනවා.
" මිනිසුන් අතර සාමය ඇති කිරීමට කෙනෙකු කල යහපත් දේ පමණක් දන්වන්නා අසත්‍ය වන්තයෙකු නොවේ "
( ග්‍රන්ථය: බුහාරි-මුස්ලිම් )
සාමය සදහා බොරු කීමට මිනිසුන්ට අවස්ථා තුනකදී පමණක් අනුමත කළහ.
1) යුද්දයක් ඇති වීමට යන අවස්ථාවකදී.
2) මිනිසුන් අතර සාමය ඇති කිරීම සදහා.
3) අබු සැමියන් සදහා ( ආගමෙන් අනුමත කරුණු සදහා )
මෙම කරුණු තුනේදී සත්‍යට වෙනස්ව කථා කිරීමට අනුමැතිය ඇත.. ( මෙය සදහන් ග්‍රන්ථය කුමක්ද කියා නොදනිමි )
ඇතැමුන් පවසනවා ඉස්ලාම් කඩුවෙන් පතුරවනලද ආගමක් ලෙස. ඉස්ලාම්හි කිසිදු බලකිරීමක් නැත. අද ලෝකයේ සීග්‍රයෙන් වියාප්තවන ආගම ඉස්ලාමයයි. ඉස්ලාම් විරෝදින් ඉස්ලාම් ආගම පිලිබදව අසත්‍ය පවසන්න පවසන්න ඉස්ලාම් මිනිසුන් කෙරෙහි සීග්‍රයෙන් ලගාවෙනවා. මෙයට හේතුවනම් කුමන්ත්‍ර කිරීමෙහි මිනිසුන්ට වඩා අල්ලාහ් ශ්‍රේෂ්ඨවන්තයාය.
අල්ලාහ් මෙසේ පවසයි.
" අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨයා වේ."
( අල් කුර්ආන්: 3-53 )
" මෙම ධර්මයේ කිසිදු බලකිරීමක් නැත "
( අල් කුර්ආන්: 2-256 )
තවත් සමහරුන්ගේ මතයක් තිබෙනවා. මිනිසුන්ට මුදල් දී ඉස්ලාමයට හරවා ගන්නවා කියලා. මම සාරාහ් අමාණියා මෙන්ඩිස් ඔබලාට ( එසේ පවසන්නන්ට ) කියනවා. ඔවුන් මුදල් වලට ඉස්ලාම් වැළද ගත්තානම් ඔවුන්ට එම මුදල හා සමාන දෙගුණයක් හෝ තෙගුණයක් දී බලන්න. ඔවුන් ඉස්ලාම් අතහරිනවද කියලා.
ඉස්ලාම් මාර්ගයට කවුරුන් එන්නේද ඔවුන් ජයග්‍රහයිකයන්ය.
මෙයයි සත්‍ය
මෙයයි මාර්ගය
මෙයයි ජීවිතය.
ඉස්ලාම් යනු ආගමක්ම පමණක් නොව එය මිනිසාගේ ජිවන මාර්ගයකි.
මුළු ලෝකයේම ඉන්න මුස්ලිම්වරුන් ගෙන බැලුවොත් ඉස්ලාම්හි නිතින් හා සාර ධර්මයන් එ ආකාරයෙන්ම අනුගමනය කරන්නේ. ඉස්ලාම් මාර්ගයට අලුතෙන් පැමිණෙන නවක මුස්ලිම්වරුන්ය.
අල් කුර්ආනයේ අල්ලාහ් ඒ පිලිබදව මෙසේ පවසා තිබෙනවා.
" මිනිසුනෙ! ඔහු සිතුවෙනම් නුඹලාව විනාශ කර වෙනත්. ( අලුත් පරම්පරාවක් )ගෙන එන්නේය."
( අල් කුර්'ආන්:4-133 )
අද එය සත්‍ය වෙමින් පවතිනවා.
අල්ලාහු අක්බර්
තවත් ලිවීමට හේතු කාරණා බොහෝ ඇතත් ලිපිය දීර්ග නිසා මෙම ලිපිය මෙයින් නිමා කරනවා.
මෙය මගේ මතයයි. මෙහි වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන එක ඔබ සතුයි.
අල්ලාහු අඃලම්
( අල්ලාහ් සියල්ල දන්නේය )
සියලු පැසසුම් අල්ලහ්ටය..
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

Wednesday, 5 October 2016

" මොලය " මිනිසාගේ මොලය..

" මොලය " 

වර්ධනය අවුරුදු 21 දී නොනවතින බව විද්‍යාඥන් සොයාගෙන ඇත . 

එයට හේතුව නම් අවුරුදු 40 දී පවා මිනිස් මොලය වර්ධනේ වීමයි. 

මෙයින් අදහස් වන්නේ වර්ධනය අවුරුදු 40 දී සම්පුර්ණ වන බවයි .

අල්ලාහ් අවුරුදු 1434 ට පෙර එය මෙසේ පවසා ඇත .

" ඔහු තරුණවියට පැමිණ අවුරුදු 40 වනවිට මගේ පරමාධිපතියාණෙනි මට ඔබ පිරිනැමූ අනුග්‍රහයන්ටත් මගේ දෙමාපියන්ටත් ඔබ පිරිනමා ඇති අනුග්‍රහයන්ටත් මා ඔබට ගුණගරුක වීමටත් ඔබ තෘප්තියට පත්වන අන්දමට යහපත් කටයුතු සිදු කිරීමටත් මට භාග්‍ය උදා කර දෙනු මැනවි.."

තවද මගේ පරපුරද මට සුවය දෙන යහපත් පිරිසක් බවට පත් කරනු මැනවි. මා ඉවසිලි මත්වන්ත ලෙස ඔබ වෙත හැරෙමි. නියත වශයෙන්ම මමද මුස්ලිම් වරුන්ගෙන් කෙනෙක් වෙමියි කිය..

( අල් කුර්ආන් : 46-15 )

*** සරාහ් අමාණියා මෙන්ඩිස් ***

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්..

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්.

දෙමාපියන්ට අපෙන් විය යුතු යුතුකම්..

දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දරු අපගේ මෑණියන් දිවා රැ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම අගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අද්‍යපනයක් ලබා දී හොද පුද්ගලයෙක් කිරීමේ අදහසින් අපමණ වෙහෙස මහන්සිවී විවේකයක්වත් නොගෙන අපව පෝෂණය කල අපගේ පියාණන්ට. දහස් වාරයක් ස්තුතියි. ඔවුන් දෙදෙනා කුසට ආහාර නොගෙන අපගේ කුස පුරවා රැ දවල් නොබලා ඔවුන්ගේ කාලය ශ්‍රමය අප වෙනුවෙන් කැප කර අපිව උස් මහත් කරපු ඔවුන් දෙදෙනාට. කෙසේනම් නොසලකා හරින්නද?

දවසක ඔබ දෙදෙනාමෙන් අපත් වැඩිහිටියන් බවට පත්වෙනවා එදාට ඔබ දෙදෙනා හට අපගෙන් විය යුතු යුතුකම් හරි විදිහට ඉටු නොකර අපගේ දුවාදරුවන්ට තම දෙමව්පියන්ට සලකන්නැයි කියා වචනෙන් පමකන් කියන්නෙමු ද?

නගරයෙන් නගරෙට පිහිටා තිබෙන වැඩිහිටි නිවාස වල සිටින දෙමාව්පියන්ට කෙසේනම් මුහුණ දෙන්නද?

ඔවුන්ගේ අසරණ මුහුණු දිහා කෙසේනම් බලන්නද?

තම ජිවිතයේ අන්තිම කාලයේදී කතා කවුරුත් නැති නිවාසයක කෙසේනම් මාගේ දෙමාපියන්ව තනි කරන්නේමුද?

දරු මුණුබුරු, මිණිපිරියන් සමග කාලය ගත කිරීමට ඔවුන්ට කෙතරම් ආසාවක් ඇතිද. අද අපි අපේ දෙමාව්පියන්ට නොසලකා හැරියොත් දවසක අපේ දරුවනුත් අපට එලෙසම සිදු නොකරයි කියා සිතන්නේ කෙසේද?

අපගේ දෙමාපියන්ට අපගෙන් විය යුතු යුතුකම් බොහොමයක් ඇත. කුඩා අවදියේ සිටම ආගමානුකුලව හැදුනු වැදුණු කෙනෙකුට මෙය අමුතුවෙන් කියා දීමට අවශ්‍ය වන්නේ නැත.
හැදු වැඩු දෙමාපියන්ට සලකන මෙන් අල්ලාහ් මිනිසාට තරයේ අවවාද කර ඇත.

මේ පිළිබදව අල්ලාහ් මෙසේ පවසනවා..

" තමන්ගේ දෙමව්පියන්ට ( කෘතඥ )වීම ගැන මිනිසාට අපි හොද ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව දුක් කරදර මත දුක් ගැහැට විදිමින් ( ගර්භයෙහි ) ඔහුව ඉසුලුවාය.( ඔහු ඉපදුනු ) පසුද. අවුරුදු දෙකකට පසුවම ඔහුට කිරි දීම නතර කළාය. ( එබැවින් මිනිසුනේ!) ඔබ මටත් ඔබගේ දෙමව්පියන්ටත් කෘතඥ වෙමින් සිටිනු. ( අවසානයේදී ඔබ ) මා වෙතම පැමිණ සේන්දු වීමට ඇත්තේය. එහෙත් ( දෙවියන්යැයි ) ඔබ නොදන්නා දැය මා හට සාමනයන් වශයෙන් තබන මෙන් ඔවුන් ඔබට බල කළහොත් ( එම කරණාවෙහි ) ඔබ ඒ දෙදෙනාට අවනත නොවනු.එහෙත් මෙලොවෙහි ( දැහැමි කාරණාවහි) ඔබ ඒ දෙදෙනා සමග ඉතාමත් ආදරයෙන් යුතුව කටයුතු කරණු. "
( අල් කුර්ආන්: 31-14 )

" ( නබියේ! ) ඔබගේ දෙවියන් තමන්ව මිස ( වෙන කිසිවෙකුත් ) නැමදිය නොයුතුය යැයිද. ( අණ කරණු ලැබ ඇති අතර ) මව්පියන්ට කෘතඥ වනු යයි අණ කරණු ලැබ ඇත්තේය. ඔවුන්ගෙන් කෙනෙකු හෝ නැතහොත් දෙදෙනාම මහළු වියට පැමිණියා වුවද. ඔබ වෙතින් එලවා නොදමනු. ඔවුන්ව ( නින්දිත අන්දමින් ) ' චි ' යැයි නොපැවසිය යුතුය. ඔවුන් වෙත ( කුමක් පැවසුවා වුවද, උරහිස පහත් කොට ) ඉතාමත් ගෞරවාන්විතවද, ( ඉතාමත් අදරයෙන්ද ) කථා කරණු. ඔවුනට ඉතාමත් ආදරයෙන් යුතුව යටහත් පත්ව කටයුතු කරණු මැනව! තවද " මගේ දෙවියනේ! මා ළදරුවෙකු වශයෙන් සිටියදී ( ඉතාමත් ආදරයෙන් ) මාව ඇති දැඩි කර, පෝෂණය කළ ආකාරයටම ඔබත් ඒ දෙදෙනා මත ආදරය කරුණාව ලබා දෙනු මැනව! යැයි ඔබ ප්‍රර්ථනා කරණු මැනව! "
( අල් කුර්ආන්: 17 - 23,24 )

" දෙමාපියන්ට යහපතක් කරන මෙන් අපි මිනිසාට හොද ඔවදන් දී ඇත්තෙමු."
( ( අල් කුර්ආන්:29 - 8 )

සමහර දෙමාව්පියන් ගේ ගුණාංගයන් විවිදාකාරයි. දෙමාව්පියන්ගේ කුමන ගති ගුණාංගයෙන් තිබුනත් දරුවන් වශයෙන් අප එය ඉවසිය යුතු නොවේද?

මේ පිලිබදව නබි මුහම්මද් ( සල් ) තුමනන්ගේ නබි වදනක් අස්මා රලියල්ලාහු අන්හාතුමිය දන්වයි.

" මුෂ්රික්වරියක් වූ මාගේ මව මා වෙත ආවාය. මම නබි තුමාගෙන් ' අල්ලාහ්ගේ දුතයාණෙනි, මාගේ මව ( මගේ වස්තුන් වලට ) ආශාවෙන් මා වෙත පැමිණ සිටින්නීය. එම නිසා මම ඇයව ලංකර ගන්න දැයි ' ඇසුවෙමි. එයට නබි තුමාණෝ ' එසේය, ඔබගේ මව ලං කර ගන්නැයි' පැවසුහ."
( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )

මෙයින් පවසන්නේ දෙමව්පියන්ගේ කුමන ගතිගුණයන තිබුනත් ඔවුන්ට සැලකීම ඔවුන්ට අවශ්‍ය දේ ලබාදීම දරුවන්ගේ යුතුකම කියා නොවේද? ඉවසීම මු:මින් වරයෙකුගේ ලක්ෂණයක් බව ඉස්ලාම්හි සෑම අවස්ථාවකම පවසනවා. ඒ නිසා තම දෙමව්පියන්ගේ කුමන ගති ලක්ෂනයක වුනත් දරුවන් වශයෙන් අපි ඉවසිය යුතු නොවේද?

තම දෙමව්පියන්ට සැලකීම සම්බන්දව තවත් නබිමුහම්මද්( සල් ) තුමාණන්ගේ නබිවදන් කීපයක්ම ඇත. මේ එයින් කීපයකි...

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුතුමාදන්වයි...

" මම රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේන් අල්ලාහ් වඩාත් කැමති යහක්‍රියාව කුමක්දැයි' ඇසුවෙමි. එයට නබිතුමානෝ " සලාත්ය නියමිත වෙලාවේ ඉටුකිරීම "යැයි පැවසුවාය. ඉන් පසු කුමක්දැයි ඇසුවිට. " දෙමාපියන් සමග හොදාකාරව හැසිරීම "යැයි පැවසුහ. ඉන්පසු කුමක්දැයි මා ඇසුවිට " අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම "යැයි පැවසුහ "

( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )

අබිදුල්ලාහ් ඉබ්නු අමීර් රලියල්ලාහු අන්හුතුමා දන්වයි...

" මිනිසෙක් රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ. " මම අල්ලාහු තආලාගේන් පිං ලබාගැනීම සදහා ජිහාද් කිරීමටත්, හිජ්රත් යෑමටත්, ඔබතුමා වෙත පොරොන්දු වෙමි" යැයි කිවේය. එයට නබිතුමාණෝ " ඔබගේ දෙමාව්පියන්ගෙන් කවරෙකු හෝ ජිවතුන් අතර සිටින්නේ දැයි ඇසුවිට.' එසේය ඔවුන් දෙදෙනාම ජිවත් වෙති ' යැයි කීවෙමි. " අල්ලාහු තආලා වෙතින් පිං ලබා ගැනීමට ආශා කරන්නේ දැයි ' ඇසුවිට. ඔහු " එසේය "යැයි කිවේය. නබිතුමාණෝ " එසේනම් දෙමාව්පියන් වෙත ගොස් ඔවුන් සමග ආදරයෙන් හැසිරෙන්න. ( එම දෙදෙනාට සත්කාර කිරීමෙහි කැපවීමෙන් කටයුතු කරන්න " යැයි පැවසුහ.

( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )

මෙම අල් හදිස් එකෙන් අදහස් වන්නේ දෙමව්පියන්ට සැලකීම ඔවුන්ට සත්කාර කිරීම ආදරය කිරීම අල්ලාහු තආලා වඩාත් ප්‍රිය කරන ක්‍රියාවක් හා අල්ලාහ් ත ආලාගෙන් පිං ලබා ගැනීමේ උතුම් ක්‍රියාවක් බවයි.

අබු හුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා දන්වයි...

" මිනිසෙක් රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ. " යා රසුලල්ලාහ්! මා හොදාකරව කටයිතු කිරීමට වඩාත් සුදුසු වන්නේ කවරෙකු දැයි" ඇසුවේය. නබිතුමාණෝ " නුබගේ මව " යැයි පැවසුහ. ඔහු නැවතත් " ඉන්පසු කවරෙක්දැයි " ඇසුවේය. එයටද නබිතුමාණෝ " නුබගේ මව " යැයි පැවසුහ. එම මිනිසා නැවතත් " ඉන්පසු කවරෙක්දැයි " ඇසුවේය. එයටද නබිතුමාණෝ " නුබේ මව " යනුවෙන් පැවසුහ. ඉන් පසු කවරෙක්දැයි ඇසුවිට " නුබේ පියා " යනුවෙන්. පිලිරුතු දුන්හ."

( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )

ඉහත සදහන් හදිස් එකේ සදහන් වන්නේ මව ( මෑණියන් ) සියලුම දෙනාට වඩා ලගින් ඉන්න, ලගින්ම ඇසුරු කිරීමට සුදුසුම කෙනා බවයි.

ආදරණිය සොයුර සොයුරියනේ තම දෙමාව්පියන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ අවසන් මොහොත දක්වා ඔබට පුළුවන් උපරිමයෙන් සලකන්න. ආදරය දෙන්න. ඔවුන්ට අවශ්‍ය රජ සැප නොවේ තම දරුවන්ගේ ආදරයයි ඔවුන්ට එය රජ සැපවලටත් වඩා වටිනා වස්තුවකි. තම දරුවන්ගේ දරුවන් ( මුණුබුරු, මිනිපිරියන් ) සමග ගෙවන ජීවිතය ඔවුන්ට ඔබ කුඩා අවදියේ ඔබත් එක්ක ගෙවපු කාලය නැවත මතකයට ගෙන එනවා නොඅනුමානය..

*** සාරාහ් අමාණියා මෙන්ඩිස්  ***

සංගීතය ( මියුසික් ) ඉස්ලාම් දහම අනුව තහනම් හා සිමා සහිත වන්නේ ඇයි..

සංගීතය ( මියුසික් ) ඉස්ලාම් දහම අනුව තහනම් හා සිමා සහිත වන්නේ ඇයි.. 

මේ පිලිබදව අල්ලාහු තආලාගේ දුතයා වූ නබි මුහම්මද් ( සල් ) තුමා මෙසේ පවසා ඇත.. 

නවීන පන්නයේ සංගීත භාණ්ඩයන් භාවිතා කිරීමද නබි නායක තුමාගේ වදන අනුව සන්සුදක් සේ තහනම්ය.. 

නබිනායක තුමා තහනම් කර ඇති පැරණි සංගීත භාණ්ඩවලින් සවන්දීමෙන් ලැබෙන සතුට, වින්දනය සහ මනො දර්ශනයට වඩා නවීන පන්නයේ සංගීත භාණ්ඩවලින් අධික සතුට, වින්දනය හා මනො දර්ශනය මිනිසුන් ලබති. ඉබිනුල් කයියුම් වැනි විද්වතුන්ගේ මතය පරිදි මත්පැන් පානය කිරීමෙන් මිනිස් නුවණ කැලබිමට වඩා සංගීතය රස විදීමෙන් මිනිස් නුවණ කැලබිමට පත්වේ..

සංගීතය සමග සංගීතයේ වාදනයද, සිත්සනහන වින්දනය හා වශිකරණය ගෙනදෙන නැටුම් නටන ස්ත්‍රීන්ගේ රංග නාදයද එක්වීමෙන් සන්සුදක්සේ එකී තහනම් භාවය උග්‍ර වේ. අකුසල් භාවය අධිකවේ.ගීතයන්හි වචනවල ආදරය, ප්‍රේමය හා ආලයේ ප්‍රසිද්ද භාවය හා පෙම්වතියන්ගේ සෞන්දර්ය වර්ණාව අන්තර්ගත වීම, ඉහමත් ඛේදජනක විපතකි..

එම නිසා විද්වතුන් " සැබවින්ම ගීත දුරාචාරය උනන්දු කරයි එය මිනිස් හදවන් තුල කුහක කම අවස්ථාවාදය වර්ධනය කරයි " යැයි පවසති. පොදුවෙන් බලනවිට වත්මන් කාලයේ ගීත හා සංගීතය ඉහමත් කළහ හා විපතට අදාල විපතට අදාල කරුණක් ලෙස පවතින බව පෙනේ..

සංගීතයේ විවිද වර්ග නාදයන් ඔරලෝසු, සීනු, දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ, පරිගණක යන්ත්‍ර හා දුරකථන යන්ත්‍ර යනාදියෙහි තුල පවා පිවිසීම අද අධිකව ඛේදජනක කරුණකි. මෙයින් වැලකි සිටීම සදහා අධික වෙහෙස දැරීමට සිදුවීම අනිවාර්යවූ කරුණක් ලෙස පවතී..

අල්ලාහ් සැමට මෙයින් රැකවරණය ලබා දෙන සේක්වා.

" දැනුමෙන් තොරව අල්ලාහ්ගේ මගකෙරෙන් නොමග යැවීම පිණිසද, එය විහිළුවකට අරගැනීම පිණිසද, නිෂ්ඵල පුවත් මිලයට ගන්නෝද මිනිසුන් අතර සිටිති. ඔවුන්ට නින්දාව ගෙන දෙන වේදනාව ඇත. "
( අල් කුර්ආන්: 31- 6 )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා පැවසු බව අබු ආමීර් ( රලී ) තුමා සහ අබු මාලික් අල් අෂ්අරි ( රලි ) තුමා මෙලෙස වාර්තා කරන්නේය..

" මගේ සමාජයේ සමහරක් පිරිස් (පසුකාලීනව) බිහිවේවි ඔවුන් අනියම් (ලිංගික) සම්බන්ධතා, සේද (ඇදුම්), මත්පැන්, සංගීතය යනාදීය අනුමත කාරණයන් ලෙස සලකනු ඇත… මොවුන්ගෙන් බහුතරයක් අල්ලාහ් (දෙවියන්) විනාශකර දමනු ඇත.”
( ග්‍රන්ථය: බුහාරි )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා පැවසු වදනක් ඉම්රාන් බින් හුසෛන් ( රලි ) තුමා මෙසේ වාර්තා කරයි..

" මෙම ( මගේ ) සමාජයෙහි භුමි කම්පා ඇති වීම, රූප වෙනස් වීම හා දොස් පද කිම් යනාදින් ( පසු කලයේ ) සිදුවේ " යනුවෙන් නබිතුමා පැවසු කල එක් මුස්ලිම් වරයෙකු " අල්ලාහ්ගේ දුතයාණෙනි, එය කවදා සිදුවේද? යනුවෙන් විමසිය. එවිට එතුමා " නැටුම් නටන ස්ත්‍රීන්, සංගීත ප්‍රසංග හා මත්පැන් පානය කිරීම ප්‍රසිද්ධවනවිට සිදුවේ " යනුවෙන් පැවසිය. "
( ග්‍රන්ථය: තිර්මිදී )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා පැවසු වදනක් නාෆි (රහ්) තුමා මෙසේ වාර්තාකරයි..

" දිනක් එඬරෙකු බටනලාවක් වයන හඬක් උමර් (රලි) තුමාගේ කන වැකුනි. එම මොහොතේ එතුමාණන් තම කන්දෙක ඇඟිලි තුඩුවලින් වසාගෙන එම මාර්ගයෙන් ඉවත්ව වෙන මාර්ගයකින් ගමන ඇරඹු එතුමාණන් ‘තවමත් ඒ සද්දේ ඇසෙනවාද?’ යනුවෙන් මාගෙන් විමසන ලදී. එයට මා ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දුන්නෙමි. තව කෙටිදුරක් ගමන්කලාට පසුව මා ‘දැන්නම් ඒ සද්දේ ඇසෙන්නේ නැහැ’ යනුවෙන් පැවසුවෙමි. ඉන් අනතුරුව ආපසු තම ගමන එම මාර්ගයේම ඇරඹුවේය. ඉන් අනතුරුව උමර් (රලි) තුමාණන් ‘වරක් මුහම්මද් (සල්) තුමාණන්ට මේ ආකාරයටම එඬරෙකුගේ බටනලා ශබ්දයක් ඇසී මා අද කලාසේ එතුමාණන් එදා කලා’ යනුවෙන් පවසන ලදී.”
( ග්‍රන්ථය: අහමද් )

නබිනායක මුහම්මද් ( සල් ) තුමා බෙර ( Drum ) වාදනය කිරීම තහනම් කරන අතර, නළාවෙන් ( Musical Pipe ) පිඹන කළ පිටවන නාදය නපුරු මෝඩයන්ගේ ශබ්දය බවට වර්ණා කරන්නේය.

ඉමාම් අහමද් ( රහ් ) වැනි පැරණි විද්වතුන් කින්නාරාම ( Lute ) මැන්ඩලීන් ( Mandolin ) හා අත්තාලම ( Cymbal ) යන සංගීත භාණ්ඩයන් තහනම් බව නිගමනය කරති..

තවද කරුණු රාශියක් ඇති මුත් දැනට මාහට සොයා ගැනීමට හැකි වුයේ මෙපමණයි ඉන් ශා අල්ලාහ් ඉදිරියේදී තවත් කරුණු හා අල් හදිස් කරුණු අද්‍යනය කර එය ඔබට මෙවැනිම ලිපියකින් ඉදිරිපත් කිරිමට බලාපොරෝත්තු වෙමි..

*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

මුස්ලිම්වරු එකම අල් කුර්ආනය හා එකම හදිස් අනුගමනය කරන්නෙනම් ඔවුන් අතර විවිධ මත දරන අය සිටින්නෙ කොහොමද?

මුස්ලිම්වරු එකම අල් කුර්ආනය හා එකම හදිස් අනුගමනය කරන්නෙනම් ඔවුන් අතර විවිධ මත දරන අය සිටින්නෙ කොහොමද? 

ඉස්ලාම්හි කොටස් තිබිය නොහැක...

මේ පිලිබදව අල්ලාහ් මෙසේ පවසයි..

" නුඹලා සියළුදෙනාම ( අල් කුර්ආනය නම් වූ ) අල්ලාහ්ගේ කබය බලවත් ලෙස අල්වා ගන්න. නුඹලා වෙන් නොවන්න. නුඹලා සතුරන් ලෙස සිටි විට නුඹලාගෙ සිත් අතර බැදීම් ඇති කර, ඔහුගේ දායාද හේතුවෙන් නුඹලා සහෝදරයින් ලෙස වෙනස් වූ දෙයද, නුඹලා නිරය ආසන්නයේ සිටි කල, ඔහු එයින් නුඹලාව බේරා, නුඹලා කෙරෙහි අල්ලාහ් පිරිනැමූ දායාදය සිහී කරන්න. නුඹලා යහමග ලැබීම පිණිස අල්ලාහ් මෙසේ තම වැකි නුඹලාට පැහැදිළි කරයි." ( අල් කුර්ආන්:3-103 )

අල්ලාහ්ගේ කබය තදින් අල්ලා ගන්න බෙදී නොයන්න. අල්ලාහ්ගේ කබය යනු අල් කුරානයයි. ශුද්ධ වූ කුරානයේ පවසන්නේ අල්ලාහ්ගේ ධර්මය තුල බෙදී නොයන ලෙසටයි...

අල්ලාහ් මෙපිලිබදව මෙසේ පවසයි..

" කවරහු තමන්ගේ ධර්මය වෙන් කර, නොයෙක් කොටස් වශයෙන් වූවෝද, ඔවුන්ගේ කුමණ විෂයෙහි වුවද නුඹට ( සම්බන්දයක් ) නැත. ඔවුන්ගේ විෂය අල්ලාහ් හමුවෙහිම ඇත. පසුව ඔවුන් කරමින් සිටි දේ ගැන ඔවුනට ඔහු දන්වන්නේය." ( අල් කුර්ආන්:6-159 )

මුස්ලිම්වරුන් විවිධ කොටස් වලට බෙදීම ඉස්ලාම්හි අනුමත කරපු දෙයක් නොවේ.

ලොව වෙසෙන සියලුම මුස්ලිම්වරුන් අල් කුර්ආනය හා නිවැරදි අල් හදිස් පිළිපැදිය යුතුයි. යම්කිසි දෙයක් අල් කුර්ආනයට හා නිවැරදි අල් හදිස් වලට අනුකුලනම් එය අනිවාරයෙන් අපි ( මුස්ලිම්වරුන් ) බාරගත යුතුයි. නොඑසේනම් ( අල් කුරානයට හා නිවැරදි අල් හදිස් වලට පටහැනි නොමැතිනම් ) අපි එය පිළිනොගත යුතුයි. ( අත් හරිය යුතුයි.)

නබි මුහම්මද් ( සල් ) තුමාණන් පෙසේ පවසයි..

" පසුකාලීනව මුස්ලිම්වරු කොටස් 73 බෙදේ. එයින් එක කොටසක් පමණක් ස්වර්ගයට ඇතුළුවේ. ඒ අය කවුරුන්ද කියා සාබාවරු නබිතුමාගෙන් ඇසුහ. එවිය එතුමාණෝ කුරආනය හා මගේ සුන්නාව ( අල් හදිස් ) පිළිපදින අය පමණයි. යනුවෙන් පිලිතුරු දුන්හ." ( තිර්මිදී )

අපේ නබිනායක මුහම්මද් ( සල් ) තුමාණන් පැවසු පරිදී මුස්ලිම්වරුන් විවිද කොටස් වලට බෙදී අත එයින් කිහිපයක් නම්.
ෂියා
සුන්නි
හනෆි
ෂාෆි
හම්බලි
දෙවබන්දී
බරල්වී

අද සමාජයේ මුස්ලිම්වරු ඔවුන්ව මෙවැනි විවිධ නම් වලින් හදුන්වනවා නමුත් ඔවුන්ව හදුන්වන්න පුළුවන් උචිතම නාමය " මුස්ලිම් " කියා පමණයි...

අල්ලාහ් මේ පිලිබදව මෙසේ පවසයි...

" පුස්ථකය ඇත්තෙනි' අල්ලාහ් හැර වෙන කිසිවෙකුට අපි නැමදීම නොකරන්නෙමු, තවද, ඔහුට ඔහුට කිසිවෙකු සැම නොකරන්නෙමු, අල්ලහ්ව හැර අපගෙන් සමහරු සමහරුන්ව දෙවියන් ලෙස නොඅරගන්නෙමු යන, අප හා නුඹලා අතර නිවැරදි ප්‍රතිපත්තියකට එන්නැයි ( නබි! ) නුඹ පවසන්න! එනමුත් ඔවුන් නොසලකා හරියෙනම්, නියතව අප මුස්ලිම්වරුන් යන්න නුඹලා සාක්ෂි දරන්නැයි, නුඹලා පවසන්න.."

තමන්ව කවුරුන් හෝ මුස්ලිම් යැයි හදුන්වයිද ඔහු අල්ලාහ්ගේ කැමැත්තට කීකරුව යටහත් පහත් වූ කෙනෙකි.

අපගේ ශ්‍රේෂ්ට උගත් ඉමාම්වරු හතර දෙනා වෙන.
ඉමාම් අබු හනිෆා
ඉමාම් මොහම්මද් ඉබුනු අබු හම්බල්
ඉමාම් මාලික්
ඉමාම් ෂාෆි
මේ ශ්‍රේෂ්ට ඉමාම්වරු පැවසුවේ තමන්ගේ මතවලින් එකක් හෝ අල්ලාහ්ගේ ධර්මයට පටහැනි නැත්නම් එය බාර නොගන්නා ලෙසයි.
උගත් ඉමාම්වරු හතර දෙනාට කවදාවත් අපි අතර විවිධ කොටස් ඇති කිරීමට පැමිණියේ නැහැ. ඔවුන්ගේ අරමුණ වුයේ ඉස්ලාම් ධර්මය වඩාත් පැහැදිළිව මිනිසුන්ට කියා දීමයි. නමුත් අවාසනාවකට ඔවුන්ගේ අනුගාමිකයින් විවිධ කොටස් වලට බෙදීම් ඇති කර ගත්තාය...

අල්ලාහ් මේ පිලිබදව මෙසේ පවසයි...

" විශ්වාස කළවුනි! අල්ලාහ්ට අවනත වන්න. තවද, මෙම දුතයාටද නුඹලාගෙන් බලය අත්තන්ටද අවනත වන්න. නුඹලා යම් විෂයක මත භේදයක් ඇති කර ගත්තේ නම්. නුඹලා අල්ලහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නන් වේ නම්, එය අල්ලාහ් වෙතද මෙම දුතයා වෙතද ( විනිශ්චය උදෙසා ) හරවන්න. මෙය වඩාත් හොද වුද ලස්සන තීරණයද වේ.."

අපගේ උගත් ශ්‍රේෂ්ට ඉමාම්වරු පැවසු යම් දෙයක මත භේදයක් හට ගන්නේද අල්ලාහ්ගේ වදන් ( අල් කුර්ආනය හා අල් හදිස් පරීකෂා කර බලන්න.)

මෙයයි ඉස්ලාමය මෙයයි මුස්ලිම්වරුන්ට අල්ලාහ් පැවසුවේ. මා වෙන කිසිවෙකු නොවේ පලමුවටත් මා මුස්ලිම්වරයෙකි අවසානයටත් මා මුස්ලිම්වරයෙක්.

මා අල් කුර්ආනය හා සහි හදිස් අනුගමනය කරන්නෙක්. කවුරුන් හෝ පවසන දෙයක් කුරානයට හෝ හදිස් වලට අනුකුලනම් මා එය පිලි ගන්නවා. යම්කිසි දෙයක් කුරානයට හෝ හදිස් වලට අනුකුල නොවේනම්. එය ඉස්ලාම් ( ධර්මයට ) අදාළ දෙයක් නොවේ.

විවිද සංස්කෘතින් නිසා මත භේද තිබෙනවා. නමුත් අපි සංස්කෘති නොවේ අපගේ මැවුම්කරු වන අල්ලාහ්ගේ වදන් වන අල් කුරානයත් නබි මුහම්මද් ( සල් )තුමාණන්ගේ සුන්නාවත් පිළිපදින්න...

මෙම ලිපිය ඩොක්ටර් සාzකිර් නායික් තුමාගෙ දෙශනාවකින් උපුටා ගත් කරැණු වලින් සකසන ලදි...

*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

පරිශුද්ධ වු අල් කුර්'ආනය..!

පරිශුද්ධ වු අල් කුර්'ආනය..! 

අල් කුර්'ආනය මුස්ලිම්වරයෙකුට ඔහුගේ හදවත හා සමානය. එය කියවිමත් නැමදුමක් ලෙස සැලකෙන අල්ලාහ්ගෙ වදනය. 

මෙම ග්‍රන්ථය අල්ලාහ් සුබහනවතාආලා විසින් ලෝ වාසි සියඵම දේනා වෙත පහල කලාවු ( අල්ලාහ්ගේ වදන හා අණ ) අඩංගු දේව ග්‍රන්ථය වේ.

මෙ පිළිබදව අල්ලාහ් මෙසෙ පවසයි.

" මිනිසුනි! නුඹලාගෙ ' රබ් ' ගෙන් සාක්ෂියක් නුඹලාට පැමිණ ඇත. අපි නුඹලාට ( අල් කුර්'ආනය ) නැමති පැහැදිළි ආලෝකය පහළ කර ඇත්තෙමු."
( අල් කුර්'ආන්:4-174 )

කාලයෙන් කාලයට පැමිණි නබිවරුන් විවිධ භාෂාවලින් මෙ ලෝව සිටින මිනිසුන්හට අල්ලාහ් ( එකි වු දෙවියන් ) පිලිබදව පවසා ඇත.

තව්රාත්:- ( මෝසස් ~ මුසා අලෛයිහි සලාම් ) තුමාටත්.
ඉන්ජිල්:- ( ජේසුස් ~ ඊසා අලෛයිහි සලාම් ) තුමාටත්.
සබුර්:- ( දාවුද් අලෛයිහි සලාම් ) තුමාටද. පහල වුන දේව ග්‍රන්ථ වේ.

ඉහත සදහන් දෙව ග්‍රන්ථ අල් කුර්'ආනය පහල විමට ප්‍රථම සිටි නබිවරුන්ට අල්ලාහ් විසින් පහල කල දේව ග්‍රන්ථයන් වේ..

අල්ලාහ් මෙසෙ පවසයි..

" පුස්තකය ඇත්තනි! ඉබ්රාහීම්ගේ විෂයෙහි නුඹලා කුමකට තර්ක කරහුද? තව්රාතයද ඉන්ජීලයද ඔහුට පසුවම පහළ කෙරින. නුඹලා අවබොධ නොකර ගන්නෙහුද?"
( අල් කුර්'ආන්: 3-65 )

" නියතව අපි මුසාට පුස්තකය දි, එය ඉස්රායීල්ගෙ දරුවන්ට යහමග ලෙසද කළෙමු. ' මාව හැර වෙන භාරකාරයෙකුව නොඅරගත යුතු යැයි අණ කළෙමු."
( අල් කුර්'ආන්:17-2 )

" ( ඕඃනබි!) නියත වශයෙන්ම අප නුහ්ටද ඔහුට පසුව පැමිණි නබිවරුන්ටද ' වහී ' ( අල්ලාහ්ගෙ වදන් ) පහළ කළා සේම නුඹටද 'වහී ' පහළ කළෙමු. තවද' ඉබ්‍රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකූබ් ( ඔහුගේ පෙළපතටද ), තවද ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන් යනාදින්ටද ' වහී ' පහළ කළෙමු. තවද' දාවුද්ට සබුරය ( දේව ග්‍රන්ථය ) ද දුන්නෙමු."
( අල් කුර්'ආන්:4-163 )

එම දේව ග්‍රන්ත සියල්ලම මිනිසුන්ගෙ අතින් විකුර්ති කර සංස්කරනය වි ඇති බැවින් එවාහි අල්ලාහ්ගේ හා නබි වරයන්ගෙ වදන් වෙනුවට මිනිසුන්ගෙ අදහස් හා වදන් එකතු වි ඇත.එම ග්‍රන්ථ සියල්ලම පහළ වු මුල් භාෂාවන් දැන් බහවිතා වන්නෙද නැත.

අපගෙ නබි මුහම්මද් ( සල් ) තුමාණන්ට පහළ වු අල්ලාහ්ගෙ දේව ග්‍රන්ථය. වන්නෙ ශුද්ධ වු අල් කුර්'ආනයයි.

අහසවල් හතක් ( 7 ) උඩින් ස්වර්ගයෙහි ඇති " ලාහුල් මාහෆුල් " නැමති ෆලකයේ ( ආරක්ෂා කරන ලද ලේඛණය ) ලියවි ඇති අල් කුර්'ආනය අපට පෙනෙන අහසට පහල කර ඇත්තෙ. ලයිලතුල් කදිර් නම් රාත්‍රියකය..

මෙ පිලිබදව අල්ලාහ් මෙසෙ පවසයි..

" නියතව මෙය අප හමුවෙහි ඇති ලව්හුල් මහ්ෆුල් නැමති ( මව් ) ලේකණයේහි ඇත. ( මෙය ) උසස් වුද අධික ඥානාන්විතද වේ."
( අල් කුර්'ආන්:43-4 )

" එය ආරක්ෂා කරනු ලැබු ලේඛණය වන ' ලව්හුල් මහ්ෆුල් ' හි ඇත."
( අල් කුර්'ආන්:85-22 )

" නියතව මෙය කිර්තියෙන් අධික අල් කුර්'ආනය වේ. එය ආරක්ෂා කරණු. ලැබු ලේඛණයෙහි ඇත. පිරිසිදු වන්තයින් හැර වෙන කිසිවෙක් එය ස්පර්ෂ නොකරන්නෙය. මෙය සකල ලෝ වැසියාගෙ ' රබ් ' ගෙන් පහළ කරනු ලැබුවක් වේ."
( අල් කුර්'ආන්:56-77,80 )

අපට පෙනෙන අහසට පහළ වු අල් කුර්'ආනය ජිබිරියල් අලෛයිහි සලාම් නම් මලක්වරුන්ගෙ ප්‍රධානියා ( නායකයා ) විසින් මුල්වරට ලයිලතුල් කදිර් නම් රාත්‍රියක නබි මුහම්මද් ( සල් ) තුමාහට මුල්ම දේව පනිවිඩය ( වහි ) පහල කලහ.

අල්ලාහ් මෙසෙ පවසයි..

" නියතව අපි ( අල් කුර්'ආනය වු ) මෙය ( අධික මහගු භාවයෙන් යුත් රාත්‍රිය ) වන ' ලයිලතුල් කදිර් ' හි පහළ කළෙමු."
( අල් කුර්'ආන්:97-1 )

ඉන් පසු දිගින් දිගටම අල් කුර්'ආනය අවුරුදු 23 ( විසි තුනක් ) වැනි කාලයක් පුරාවටම ටිකෙන් ටික ( කොටස් වශයෙන් ) අවස්ථානුකූලව පහල විය..

අල් කුර්'ආනය අරාබි භාෂාවෙන් පහල වු බව අල් කුර්'ආනයෙ සදහන් වේ.

එ පිලිබදව අල්ලාහ් මෙසෙ පවසයි..

" නුඹලා අවබෝධ කර ගැනිම පිණිස' නියතව අපි මෙය අරාබි ( භාෂාවෙන් ) වු කුර්'ආනය ලෙස කලේමු."
( අල් කුර්'ආන්: 43-3 )

පර්ශුද්ධවු අල් කුර්'ආනය මෙ ලොවට පහල වුන භාෂාවෙන්ම අදට අවුරුදු 1437 එහි එකදු අකුරක් හො නොවෙනස්ව එම තත්වයෙන්ම පවතින එකම දේව ග්‍රන්ථය වේ..

මෙ පිළිබදව අල්ලාහ් මෙසෙ පවසයි..

" නියතව අපිම මෙම පුස්ථකය පහළ කර ඇත්තෙමු. තවද' නියතව අපිම එය ආරක්ෂා කරන්නන් වෙමු."
( අල් කුර්'ආන්:-15-9 )

" නියතව එය එක්රැස් කිරිමද එය කියවිමට සැලැස්විමද. අපගෙ වගකිම වේ."
( අල් කුර්'ආන්:75-17 )

අල් කුර් 'ආනය අල්ලාහ් විසින්ම ආරක්ෂා කරන නිසා පෙර දේව ග්‍රන්ථ මෙන් අල් කුර්'ආනය මිනිසුන්ට කිසිදු වෙනස් කමක් සිදු කිරිමට නොහැකිය.

අල් කුර්' ආනය මුඵ මිනිස් සමාජයටම මග පෙන්වයි මං මුළාව නැමති අන්ධකාරයේ සිට අලෝකය කරා මිනිසාව කැටුව යයි..

අල්ලාහ් මෙසෙ පවසයි.

" නියතව මෙම අල් කුර්'ආනය වඩාත් අවංක දේ කරා මග පෙන්වයි. යහ කම් කරන විශ්වාස වන්තයින්ට නියතව ඉහමත් කුලිය ඇතැයි සුබාරංචි පවසයි."
( අල් කුර්'ආන්: 17-9 )

අල් කුර්'ආනය අවසන් විණිශ්ය දිනයෙ පරායණ කල අය වෙනුවෙන් අල්ලාහ් ඉදිරියෙ සාක්ශි දෙන බව පහත හදිසියෙන් මනාව වැටහේ..

අබු උමාමතුල් බාහිලි ( රලි ) මෙසේ දන්වයි..

" අල් කුර්'ආනය පරායණය කරන්න. එය කියාමත් දිනයෙහි ඔබ වෙනුවෙන් ආයාචනා කරනු ඇත." අල්ලහ්ගෙ දුතයාණන් නබි මුහම්මද් ( සල් ) පවසනු මා ඇසුවෙමි..
( ග්‍රන්ථය:- මුස්ලිම් )

අල් කුර්'ආනය පහළ වු දා සිට එය මිනිසුන්ගෙ හදවත් තුලත් පුස්තකවලත් සුරක්ෂිත කරණු ලබමින් පවතින්නෙය.

ලොව පහළ වු අනිකුත් දේව ග්‍රන්ථ එම ආගම්වල පුජකවරුන් හා මිනිසුන් පරිහරනය කිරිම හා කට පාඩම් කිරිමක් දකින්නට නොලැබේ.

නමුත් පරිශුද්ධ වු අල් කුර්'ආනය ලෝ වෙසෙන විවිධ භාෂා කථා කරන මුස්ලිම්වරුන් එය පහළ වු " අරාබි " බසින්ම පරායණා කරයි. සම්පුර්ණ ග්‍රන්ථයම කට පාඩම් කළ දහස් සංඛ්‍යාත " හාෆිස් " වරුන් ද ලොව පුරාම ඇත. ඔවුන්ගේ හදවත් තුල එය සුරක්ෂිතව ඇත.

පරිශුද්ධ වු අල් කුර්'ආනය නවින විද්‍යාවටද අබියොගයකි.

අල් කුර්'ආනය විස්තර කරන්නා වු මිනිසාගේ ශරිරයේ පිහිටිම හා ( මව් කුස තුල ඇති කළළය ), අහස හා පොළොව, ඉර සද වැනි ග්‍රහයන්ගෙ පිහිටිම හා එවායෙ ක්‍රියා කාරකම් ගැන අල් කුර්'ආනයේ සදහන්ව ඇති කරුණු සියල්ලම අද නවින විද්‍යාව විසින් සොයාගෙන හා තවමත් සොයමින් පවති. නමුත් අදට අවුරුදු 1437 පෙර මෙම විද්‍යානු කුල තතු අල් කුර්'ආනය පවසයි.

මේ අනුව අල් කුර්'ආනය යනු. සමාන්‍ය පොතක් නොව මෙය දේව ග්‍රන්ථයක් බවට විද්‍යාව ශාක්ෂි දරයි.

අල් කුර්'ආනය පිළිබදව තවත් බොහො කරුණු ලිවිමට හැක. නමුත් මාගෙ ලිපිය දිර්ග වැඩි බැවින් මා වෙනත් ලිපියකින් නැවත් පරිශුද්ධ වු අල් කුර්'ආනය පිළිබදව කරුණු පැහැදිළි කිරිමට බලාපොරොත්තු වෙමි..

~ පැසසුම් සියල්ල අල්ලාහ්ටමය ~

*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

ඉස්ලාම් විවාහ ජීවිතය..


ඉස්ලාම් විවාහ ජීවිතය..

ඉස්ලාම්හි විවාහයක් කරගන්නා ආකාරය හා විවාහ ජීවිතය තුල එකිනෙකා තෙරුන්ගෙන අවබෝධයෙන් යුතුව ජීවත් විය යුතු ආකාරය පිළිබදව නබි මුහම්මද් ( සල් ) තුමාණන් මුස්ලිම්වරුන් වන අපට පේනවා දී ඇත..

විවාහයද ඉබාදතයකි.

මුස්ලිම්වරුන්ට දවසේ පස්වෙල නැමදුම ( සලාහ්තය ), වාර්ෂික අනිවාර්ය උපවාසය ( රාමළාන් නෝම්බි ), සකාත් ( අනිවාර්ය දුගී බද්ද ) , හජ් වන්දනාව ( ජිවිතේ එක පාරක් හෝ මක්කවට ගොස් ඉටුකරන ආගමික චාරිත්‍රය. වගේම විවාහයද අනිවාර්ය වූ ඉබාදතයකි.
එය නබිනායක මුහම්මද් ( සල් ) තුමාණන්ගේ සුන්නාවකි.

විවහා ජීවිතය පිළිබදව අප කථා කරන විට නබිනායක මුහම්මද් ( සල් ) තුමාණන්ගේ විවාහ ජීවිතය පිලිබදව කථා නොකර බැරි තරමට එතුමාණන් එතුමාගේ බිරින්දන්ට ශ්‍රේෂ්ඨ සැමියෙකි. ඉතාමත් ආදරණිය පියෙකු වශයෙන්ද, ආදරණිය සැමියෙකු වශයෙන්ද තම භාර්යාවන් හට ඉහමත් ගෞරවයක් ගෙන දුන්නේය.

නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..

" කවරෙකු තම බිරිද ඉදිරියේ ශ්‍රේෂ්ඨවන්නේද. ඔබලා අතරේ ශ්‍රේෂ්ඨවන්තයා ඔහුය. ඔබලා අතර මා මගේ බිරිද ඉදිරියේ ශ්‍රේෂ්ඨවන්තයාය."

( ග්‍රන්ථය:- තිර්මිදී )

ඉස්ලාම්හි විවාහය කෙසේ කලයුතුද?

අද කාලයේ විවාහයක් අධික වියදමක් දරා ( ණයවී හෝ පොලියට ගෙන ) රටටම පෙනෙන්න හරාම් මාර්ගයේ සිදුකරණ ගණුදෙනුවක් බවට පත්වී ඇත. මිනිසාගේ හිතු මනාපයට අදික වියදමක් දරමින් ආගමට පටහැනි ක්‍රියාවන් එකතු කරමින් අන්‍යගමිකයන් හා සමානව විවාහය සිදුකිරීමට ඉස්ලාම්හි අනුමැතිය නොමැත. ඉස්ලාම් ආගමට අනුව විවාහය සිදු කරණවානම් එය ආගමානුකුලව ඉතාමත් චාම් ආකාරයෙන් අඩු වියදමකින් කලයුතු වේ..

නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..

" අඩු වියදමකින් සිදු කරණු ලබන විවාහය අධ්ක සෞභාග්‍යයන්ගෙන් යුක්ත (එනම් බරකත් ) වේ. යනුවෙන්. නබි නායක මුහම්මද් ( සල් ) තුමාණන්පැවසුහ."

( ග්‍රන්ථය:- අහමද් 23388 )

අල්ලාහ් කාන්තාව හා පිරිමියාව මවා ඇත්තේ එකිනෙකා කෙරෙහි ආශාවන් ඇතිවයි එම ආශාවන් ඉටුකර ගැනීමට අල්ලාහු තආලා " නිකාහ් " නැමැති විවාහය හලාල් කර මිනිසාගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සදහා ලබා දී ඇත.
ලෝකයේ බොහෝ කාන්තාවන් හා පිරිමින් තමන්ගේ ආශාවන් හරාම් මාර්ගයෙන් සපුරා ගැනීම ( කාන්තාවක් තවත් කාන්තාවකටත් පිරිමියෙක් තවත් පිරිමියෙකුටත් ආශා කිරීම ( සමලිංගිකත්වය). අල්ලාහු තආලා තහනම් කර තරයේ අවවාද ඇත..

අල්ලාහ් මෙසේ පවසයි..

" තවද, නුඹලා ලිංගික අපචාරයට සමීප නොවන්න. නියතව එය ලැජ්ජාශීලි දෙයක් ලෙසද ඉතාමත් නපුරු මගක් ලෙසද ඇත."

( අල් කුර්ආන්:- 17- 32 )

" නුඹලා ස්ත්‍රීන්ව අතහැර දමා පිරිමින් වෙතට ( කාම ) ආශාව වෙනුවෙන් යන්නේද? නුඹලා නොමග ගිය සමුහයකි."

( අල් කුර්ආන්:- 7-81 )

විවාහයක් කර නොගෙන සිටීමට ද කිසිවෙකුට නොහැක. කවුරුන් හෝ එසේ සිටීමට සිතනවානම් ඔහු හෝ ඇය නබිනායක තුමාණන්ගේ එක සුන්නාවක් ප්‍රතික්‍ෂේප කළා හා සමානය. කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ විවාහය ප්‍රමාද වේනම් ( එනම් අවශ්‍ය ප්‍රමාණයට මහර් ගෙවා ගැනීමට නොහැකි වීම, සුදුසු සහකාරියක් හෝ සහකරුවෙක් නොලැබීම ) අල්ලාහ් ඔවුන්ට අවශ්‍ය දායාදයන් ලබාදෙනතුරු ඔවුන් ඉවසීමෙන් සිටිය යුතුය..

මේ පිළිබදව අල්ලාහ් මෙසේ පවසයි..

" විවාහ වීමට පහසුකම් නොමැත්තන් අල්ලාහ් තම දායාදයෙන් ඔවුන්ව ධනවතුන් කරනතෙක් පතිවත් රැකගත යුතුය."

( අල් කුර්ආන්:- 24 - 33 )

අල්ලාහ් මෙලොව සිටින සියළුම් මිනිසුන්ව ජෝඩු ( යුගළ ) වශයෙන් මවා ඇත. සැම කාන්තාවකටම පිරිමියෙකුත් සැම පිරිමියෙකුටම කාන්තාවක් වශයෙන්ද මවා ඇතිබව අල් කුර්ආනයේ සදහන්වේ..

අල්ලාහ් මෙසේ පවසයි..

" තවද අපි නුඹලාව ජෝඩු වශයෙන් මැව්වෙමු."

( අල් කුර්ආන්:- 78-8 )

" ඔබට එක්කාසු වී ජිවත් විය හැකි. ඔබගේ භාර්යාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුවය ලැබීම පිණිස ඔබගෙනම ඔහු නිර්මාණය කර. ඔබ අතර ආදරයද කරුණාවද ඇති කර තිබීම ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. )

( අල් කුර්ආන්:- 30 - 21 )

ඉහත සදහන් අල් කුර්ආන් ආයතයෙන් පැවසෙන්නේ පිරිමියාගේ ( ස්වාමිපුරුෂයාගේ ) සිත සුවය පිණිස අල්ලාහ් කාන්තාව මාව ඇති බවයි. ( සැමියාගේ එදිනෙදා කටයුතු වලදී ඔහුගේ මානසික පීඩනය හා කලබලකාරී අවස්ථාවන් වලදී බිරිද විසින් ඔහුට සහනයක් ලබා ගතහැක. ) මේ පිළිබදව නබි මුහම්මද් ( සල් ) තුමාණන් ද පවසා ඇත..

නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..

" ලෝකයේ සෑම දෙයක්ම මනරම්ය ඒවා අතරින් උසස්ම මනරම් වූ දෙය යහ ගුණාංගයෙන් යුතු වූ බිරිද වේ."

විවාහය සිදු කිරිමෙදි මනාලයාට හා මනාලියට කිසිදු බල කිරීමකින් තොරව ඔවුන්ගේ කැමැත්ත පරිදි විවාහය සිදු කිරීම දෙමාපියන්ගේ වගකීම වන්නේය.

විවාහයකදි දෙමාව්පියන්ගේ කැමැත්ත විතරක්ම ප්‍රමාණවත් වෙන්නෙ නැත. විවාහයක් සිදු කිරිමෙදි මනාලයාගේ හා මනාලියගේ කැමැත්ත අනිවාර්‍යයි. මනාලයා හෝ මනාලිය මෙ දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ මෙම විවහයට අකමැතිනම් එය සිදු නොකරන ලෙසට ඉස්ලාම්හි පවසා තිබෙනවා..

මෙසෙ මනාලයාට හෝ මනාලියට ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත නොබලා බල කර විවාහ කරවිමෙදි එම බලකල අයට ද පාපයක් සිදු වේ. ( එය අල්ලාහ්ගේ හා රසුල්ලාහ්ගේ ) කිමට පිටින් සිදු කරන ක්‍රියාවකි..

මෙසේ දෙදෙනාගෙන් එක්කෙනෙක්ගේ හෝ අකමැත්තෙන් සිදු කරනු ලබන විවාහයකදි. ඔවුන් දෙදෙනා අතර එකිනෙකා අතර කිසිදු අවබොදයක් නොමැති බැවින් එම විවාහය සාර්ථක විවාහයක් වෙයි කියා සිතිමට නොහැක. එම විවාහය අසාර්ථක වු හොත් ඔවුන් දෙදෙනාගෙම ජිවිත අකාලේ විනාශ විමට පුලුවන. එසේ වු හෝත් එම වගකිම බලහත් කාරයෙන් විවාහය කරදුන් දෙමාව්පියන් බාර ගනිද????

විවාහයකදී මනමාලිය කන්‍යාවක් වුවද වැන්දබුවක් වුවද ඇයගේ කැමැත්ත ලබා ගත යුතු බව නබි මුහම්මද් ( සල් ) තුමාණන් පවසා ඇත.

" මගේ පියා මගෙන් අනුමැතිය නොගෙන මා විවාහ කර දුන්නා. ඒ විවාහයට අකමැති වූ මා නබි මුහම්මද් ( සල් ) තුමාණන් ලගට ගොස් මේ බව දැනුම් දුන්නෙමි. එවිට එතුමාණන් එම විවාහය අවලංගු කළේය."

( ග්‍රන්ථය:- බුහාරි )

මෙම අල් හදිස් එකෙ සදහන් වන්නෙ මනාලියට ඇගේ විවාහය ඇගේ කැමැත්ත නැතිව කිසිසෙත් සිදු කිරිමට දෙමාව්පියන්ට අවසරයක් නොමැති බවයි.

එසෙනම් මනාලයෙකුටද ඔහුගේ අකමැත්තන් විවහයක් සිදුකර දිමට නොහැක?

වත්මන් කාලයේ විවාහයක් කර ගැනීමේදී පිරිමින් කාන්තාවගෙන් යම් දේපලක් හෝ වටිනා භාණ්ඩ බලාපොරොත්තු වෙය. මෙම ක්‍රියාව නිසා ගැහැණු දරුවෙකුගේ උපතත් භීතිය ඇති කරනවන තත්වයක් බවට පත්ව ඇත. පිරිමි දරුවෙක්ගේ උපදිම භාගයක් සේ සලකන දෙමාව්පියන්ද නැතුවාම නොවේ. පුතාට හොද දෑවැද්දකට විවාහය කරදීමට හැකිනේ යන සිතුවිල්ල ඔවුන්ගේ එම සතුටට හේතුවයි. නමුත් ඉස්ලාම්හි එයට කොහෙත්ම ඉඩක් නැත. මනාලියගෙන් කිසිම දායාදයක් ( මුදල්, රන් ආභරණ, ඉඩම්, ගෙවල් දොරවල්, වාහන ) වැනි දෑ නොගෙන අල්ලාහ් නියම කල ආකාරයට ඇයට හිමි " මහර් " නම් ( ඇගේ අයිතිය ) ඇයට ලබා දී විවාහ කර ගත යුතුයි..

අල්ලාහ් මෙසේ පවසයි..

" ස්ත්‍රීන්ට ( මහර් ) නැමති ඔවුන්ගේ විවාහා දීමනාව සතුටින් දෙන්න."

( අල්කුර්ආන්:-4 - 4 )

මෙය 4 පරිච්චේදයෙ 4 වෙනි. ආයතයෙන් කොටසකි.
මෙයින් පවසන්නේ මහර් කාන්තාවගේ අයිතියක් බවත් මහර් ප්‍රමාණය ඇයට තීරණය කිරිමට හැකි බවයි. එය පිරිමියාට තීරණය කල නොහැකි බවත්ය. මනාලියට ලබාදෙන මහර් මනාලියගේ දෙමව්පියන්ට හෝ මනාලයාට හෝ නැවත ගැනීමට අනුමැතිය නොමැත. මහර් වලින් මනාලිය තම කැමැත්තෙන් මනාලයාට යම් කොටසක් දේන්නේද එය ලබා ගැනීමට මනාලයාට වරදක් නැත..

අල්ලාහ් මෙසේ පවසයි..

" ස්ත්‍රීන්ට ( මහර් ) නැමැති ඔවුන්ගේ විවාහ දීමනාව සතුටින් දෙන්න. ඔවුන් සිය කැමැත්තෙන් එයින් කුමක් හෝ නුඹලාට සිතැගිව දෙන්නේ නම් සතුටින් එය අනුභව කරන්න. "

( අල් කුර්ආන්:- 4 - 4 )

ස්ත්‍රීන්ගේ මහර් දීමනාව පිලිබදව අල් කුර්ආනයේ කීප තැනකම සදහන් වේ.

තවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ විවිධාකාර අරමුණු මත ඔවුන් මනාලියව තෝරා ගනී.

නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පැවසුහ..

" හේතු කාරණාවන් හතරක් ( 4 ) මුල් කරගෙන් කාන්තාවක් විවාහ කරගනී.
1) ඇයගේ පොහොසත් කම..
2) ඇයගේ කුලය ( පවුලේ තරාතිරම )
3) ඇයගේ රූමත් කම..
4) ඇයගේ ආගමික දැනුම්..
ආගමික දැනුම ඇති කාන්තාවක්ම ඔබ විවාහ කරගෙන ජයග්‍රහණය කරන්න."

( ග්‍රන්ථය:- බුහාරි 5090, මුස්ලිම් 3635 )

විවාහයකදී ආගම මුලික ලෙස සලකන අතර ආගමට ලැදි මනාලයෙකුට හෝ මනාලියකට ආගමට ලැදියාවක් නැති මනාලියක් හෝ මනාලයෙක් කිසිසේත් නොගැලපේ. අප සෑම වීමට විවාහ වියයුත්තේ හෝ විවාහ කරදීය යුත්තේ ආගමට ලැදි මනාලියට ආගමට ලැදි මනාලයාවයි. දෙදෙනාටම ආගම සම්බන්ද හොද දැනීමක් තිබීම පවුල් ජිවිතයේ සාර්ථකත්වයට එක් හේතුවක් වේ.

සාමන්‍යයෙන් පවුල් ජීවිතය තුල බිරිදට වඩා ස්වාමියාට ඉහළ දැනුමක් තිබිය යුතුයි. එවිට ස්වාමියාගේ අදහස් වලට බිරිද එකග වේ.

අල්ලාහ් මෙසේ පවසයි..

" පිරිමින් කාන්තාවන් පාලනය කිරීමට සුදුසු කම් ඇත්තන් වෙති."

( අල් කුර්ආන්:- 4 - 34 )

කාන්තාවකගේ උපතේ පටන් ඇයගේ ජිවිතේ විවිධ අවස්ථාවන්වලදී ඇයව පාලනය කරන්නේ පිරිමින්ය. පියා, සහෝදරයන්, සැමියා, පුතා මේ ආකාරයෙන් කාන්තාව හැම වෙලාවේම පිරිමින්යේකුගේ රැකවරණයේ සිටීම සුබ දායික ලෙස ඉස්ලාම්හි පෙන්වාදී තිබෙ.

සැමියාට බිරිදගෙන් ඉටුවියයුතු යුතුකම් වගේම බිරිදට සැමියාගෙන්ද ඉටුවිය යුතු යුතුකම් ඇත.

අල්ලාහ් මේ ගැන මෙසේ පවසන්නේය :

" සැමියන්ට බිරිදන්ගෙන් (ලැබිය යුතු ) අයිතිවාසිකම් තිබෙන සේම . නිසි පරිදි බිරිදන්ටද ඔවුන්ගේන් ( ලැබිය යුතු ) අයිතිවාසිකම් තිබේ."

( අල් කුර්ආන්: 2-228 )

විවාහයෙන් පසු සැමියාටද අනිවාර්ය වූ වගකීම් රැසක් ඇත..
රැකියාවක් කර තම දරුපවුල පෝෂණය කිරීම සැමියාගේ වගකීමකි. කාන්තාව රැකියා වලට යවා ස්වාමිපුරුෂයා නිවසට වී ඇයගෙන් උපයා ගැනීම ඔහුගේ පුරුෂභාවයට උචිත නැත. ඒ වගේමතම බිරිද සමග හොදාකාරව හැසිරෙන මෙන්ද ඉස්ලාම්හි පෙන්වා දී ඇත. මේ පිලිබදව අල් කුර්ආනයේ හා අල් හදිස් වලින් මනාව පැහැදිලි කර ඇත..

" පිරිමින් වන ඔවුන් තමන්ගේ වස්තුන් කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නාහ."

( අල් කුර්ආන්:- 4 - 34 )

" ඔබලා ඔවුන් ( බිරිදන් ) සමග හොදාකාරව හැසිරෙන්න."

( අල් කුර්ආන්:- 4 - 19 )

" තවද කිරි පොවන කාලය තුල ඔවුන්ට ආහාර පාන, ඇදුම් පැළදුම් නිසියාකාරව ලබාදීම පියාට අනිවාර්ය වන්නේය."

( අල් කුර්ආන්:- 2 - 233 )

" පිරිමියෙක් නිවසේ සිටින අයට භාරකරුවෙකු වන්නේය."

( ග්‍රන්ථය:- බුහාරි, මුස්ලිම් )

" ඔබ අල්ලාහ්ගේ තෘප්තිය පතා කිසිවක් වියදම් කළහොත් එයට පිං ( කුසල් ) ප්‍රදානය කරණු ලැබේ. එය ඔබ ඔබගේ බිරිදගේ කටේ තබන ආහාර ටිකක් වුවද කම් නැතැයි. නබි මුහම්මද් ( සල් ) තුමාණන් පැවසු බව සදහන්වේ."

( ග්‍රන්ථය:- බුහාරි, මුස්ලිම් )

" නියත වශයෙන්ම කාන්තාව ඉල ඇටයෙන් මවනු ලැබුවාය. ඉල ඇටයේ ඉහල කොටස බොහෝ ඇද සහිතය. එය කෙලින් කිරිමට උත්සහ කළහොත් එය කඩා දමන්නෙය. එය එලෙසම අත හැරු විට එය එසේම පවති. එමනිසා කාන්තාවන්ගෙ විෂයෙහි හොදාකාරව ක්‍රියා කරන ලෙස මාගේ වසීයතය පිළිගෙන ක්‍රියාවට නංවන්න. "

මෙම හදිස් එක මුස්ලිම් ග්‍රන්ථයේ තවත් ආකාරයකට පවසා ඇත.

" කාන්තාව ඉල ඇටයවලින් මවා තිබේ. එකම මාර්ගයේ ස්ථිරව නොසිට. ඔබ ඈ මගින් සතුටු විදීමට අවශ්‍යනම් ඇගේ අඩු පාඩු සමග සතුටු විදින්න. ඔබ ඇයව සම්පුර්ණයෙන් කෙලින් කිරීමට උත්සහා කල විට එය කඩා දමන්නේහිය.( ඇයව කඩා දමයි යනු. තලාක් " දික්කසාදය " පැවසීමයි යනුවෙන් සදහන් ව් තිබේ."

( ග්‍රන්ථය: බුහාරි-මුස්ලිම් )

විවාහ ජීවිතය තුල ස්වාමිපුරුෂයාට වඩා බිරිදට විශාල වගකීමක් ඇත. ඇය බිරිදක්, ලේලියක්,මවක් වශයෙන් තම විවාහ ජීවිතය තුල වගකීම් හරියාකාරව ඉටුකර යුතුය. සැමියාගේ හා දරුවන්ගේ එදිනෙදා වඩා කටයුතු සියල්ලම ඇය ඉටුකළ යුතුය. ඒ වගේම සැමියාට කීකරු වීම තම සැමියාගේ වස්තුන් ආරක්ෂා කිරීමද සැමියා වෙනුවෙන් තම පතිවත ආරක්ෂා කර ගැනීමද අනිවාර්ය වේ. බිරිදකගෙන් විය යුතුකම් පිළිබදවද අල් කුර්ආනයේ හා අල් හදිස්වල සදහන් වේ.

" හොද ගතිගුණ ඇති කාන්තාවන් තම සැමියන්ට කීකරු ව් සිටිති. සැගවුණු දේ අල්ලාහ් ආරක්ෂා කරන නිසා ඔවුන් තම පතිවත හා සැමියාගේ වස්තුන් නිසිපරිදි ආරක්ෂා කර ගනිති."

( අල් කුර්ආන්:- 4 - 34 )

" සැමියා නිවසේ සිටින අවස්ථාවන් වල ඔහුගේ අවසරය නොමැතිව අනිවාර්ය නොවූ ( සුන්නත් ) උපවාසයේ දීම බිරිදකට සුදුසු නැත. තවද පිට කෙනෙකුට සැමියාගේ අනුමතිව නොමතුව නිවසට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුය."

( ග්‍රන්ථය:- බුහාරි, මුස්ලිම් )

" මිනිසෙකු තම බිරිදව තම අවශ්‍යතාවයන් සදහා කැදවූ විට ඇය ලිප ලග සිටියත් ( ආහාර පිසමින් සිටියත් ) තම සැමියා වෙත යා යුතුයි."

( ග්‍රන්ථය:- තිර්මිදී, නසාර් )

" සැමියාගේ තෘප්තිය ඇතිව මරණයට පත්වන බිරිදට ස්වර්ගය හිමි වේ."

( ග්‍රන්ථය:- තිර්මිදී )

" කාන්තාව තම සැමියාගේ නිවසට හා දරුවන්ට භාර්කාරියක් වන්නාය."

( ග්‍රන්ථය:- මුස්ලිම්, බුහාරි )

ඉස්ලාම්හි පෙන්වාදී ඇති ආකාරයට විවාහය කෙසේ සිදුවිය යුතුද හා විවාහ ජීවිතය තුල බිරිද හා සැමියා යන දෙදෙනා කෙසේ සිටිය යුතුද? ඔවුන්ගෙන් ඔවුන්ට විය යුතු යුතුකම් මොනාද යන්න. මාගේ මෙම ලිපියෙන් බොහෝ කරුණු කරනා සදහන් කර ඇත.ලිවීමට තව බොහෝ කරුණු ඇතත් මෙම ලිපිය දීර්ග බැවින් මා මෙය නිමා කරමි. මෙහි යම් වැරද්දක් ඇත්නම් පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.

සියලුම පැසසුම් අපව මවා පාලනය කරන්නා වූ අල්ලාහ්ටමට..

*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

රාමලාන් මාසයෙ මුස්ලිම්වරුන් හැටියට අප කෙසේ ක්‍රියා කල යුතුද???

රාමලාන් මාසයෙ මුස්ලිම්වරුන් හැටියට අප කෙසේ ක්‍රියා කල යුතුද???
මෙම මාසය කුස පුරවා ගැනිමට නොව. අදික වශයෙන් කුසල් ලබා ගැනිමට හැකි මාසයකි. එම නිසා අප මේ මාසයේ අන් අයට හිරිහැරයක් නොවෙන ආකාරයට මෙම උපවාසය රැකිය යුතුය..
ඉස්ලාම්හි පුරා මාසයක් උපවාසයෙ ( නොම්බි ) යෙදිම සැම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කර ඇත.
අල්ලාහ්ගේ තෘප්තිය සදහා ඉර උදාවෙ සිට ඉර බැසයන තෙක් අපගේ සියලුම ආශාවන් පාලනය කිරිම වැඩි වැඩියෙන් දුආ ( ප්‍රර්ථනවේ ) යෙදිම. මෙමගින් සිදුවෙ.
අප අවුරුද්ද පුරාවටම කැම බිම ගැනිම නිසා අපගේ අමාන්ශයට කිසිම විවෙකයක් නැත. අවුරුද්දට එක මාසයක් මෙයාකාරයෙන් කැම බිම සිමා කිරිම නිසා අපගේ අමාන්ශයට විවෙකයක් ලැබෙ. මෙමගින් අපට යහපතක් මිස අයහපතක් සිදු නොවෙ. නුතන වෛද්‍ය විද්‍යවෙන් පවසන්නේ මෙම උපවාසයෙ යෙදිමෙන් පිලිකාව වැනි රොග වැලදිම අවම වන බවයි..
බොහො මුස්ලිම්වරුන් සිතා සිටින්නෙ මෙම උපවාසය දුප්පතුන්ගේ දුක දැන ගැනිම පිණිස කරනා ක්‍රියාවක් ලෙසටයි.
එය වැරදි අදහසකි. අප නිරාහරව සිටිමෙන් දුප්පතුන්ගේ කුස පිරෙන්නෙ නැත.
එසෙනම් අප වැඩි වැඩියෙන් සදකා දිය යුතුය..
බොහො මුස්ලිම්වරුන්ගේ මතයක් තිබෙනවා උපවාස අවස්ථාවෙ නැම, ඇග සෙදිම, දත් මැදිම උපවාසය අවස්ථාවට නුසුදුසු බව.
එයද වැරදි සිතුවිල්ලකි.
මුස්ලිම්වරුන් හැටියට පිරිසිදුකමට අප මුල් තැන දිය යුතුය. ඉස්ලාම්හි අඩක් පිරිසිදුකම බව නබි මුහම්මද ( සල් ) තුමාණන් පවසා ඇත..
ශ්‍රි ලංකාව වැනි රටක අන්‍යාගමික සහොදර සහොදරියන්ට හිරිහැරයක් නොවන අයුරින් අප මෙම උපවාසය රැකිය යුතුය.එසෙනම් අප සැම විටම පිරිසිදුව පිලිවලට සිටිය යුතුය.
පොදු වාහනවල ගමන් කරන අවස්තාවෙ අප හරියාකාරව පිරිසිදුවි නොනැතිනම් මෙයින් අන් අයට සිදුවන අපහසු තාවය මා අමුතුවෙන් කිවයුතු නොවෙ..
උපවාසයෙ සිටින ගැත්තාගේ කටින් එන දුගද අල්ලාහ්ට කස්තුරිවලටත් වඩා සුවදයි කියා තිබේ.
මෙතනදිත් බොහොමයක් අය පටලවාගෙන ඇත. අල්ලාහ්ට කස්තුරි සුවද උපවාසයෙ යෙදෙන කෙනාගේ අමාන්ශයෙන් එක උශ්නය මිස ඔබලා දත් නොමැද කට නොසොදා සිටින විට එන දුගද නොව.. දත් මැදිම අනිවාරයෙන් කල යුතුය.
නබි මුහම්මද් ( සල් ) තුමාණන් පවසා තිබෙන්නෙ අපහසු තාවයක් නොමැතිනම් පස්වෙලෙ සලහ්තයටම දත් මදින ලෙසයි..
අප මෙසෙ අපිරිසිදුව සිට අන්‍යාගමික සහොදර සහොදරියන් සමග කථා බස් කරන්නෙ කෙසෙද ඔවුන්ට අපව පිළිකුල් වෙනවා නොවෙද? එම නිසා හැකි සැම විටම පිරිසිදුතාවයෙන් සිටින්න..
තවද උපවාසයේ සිටින අවස්ථාවෙ අපට සෙම ( මොලය පිරිසිදු කර පැමිනෙන අපිරිසිදු ද්‍රව්‍ය ) මෙය ගිලින්න හොද නැත. මෙය සැම විටම තැන නොතැන නොබලා කාරා කරා තැන් තැන් වලට විසි කිරිමෙන්ද වලකින්න. මෙය අන්‍යට දැකිම ඉතාමත් අප්‍රසන්න පිලිකුල් ක්‍රියාවකි..
මෙම කරුණු සියල්ලම මා පැවසුවෙ අප සමග සිටින මුස්ලිම් නොවන අයට හිරිහැරයක් නොවිය යුතු නිසාවෙනි. මා පැවසු දෙවල් වල වැරැද්දක් ඇත්නම් මට සමාවෙන්න..
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

" ජිහාඩ් " ඔවුන් පෙන්වන හා මා දකින ජිහාඩ්

" ජිහාඩ් "
ඔවුන් පෙන්වන හා මා දකින ජිහාඩ්
ජිහාඩ් යන වචනේ නිවැරදි සිංහල අර්ථය " පරිත්‍යාග කිරීම " යන්නයි...
නමුත් බොහෝවිට මුස්ලිම්වරුන් මෙම ජිහාඩ් කියන අරාබි වචනය " යුද්ද කිරීම, සටන් කිරීම " යනුවෙන් අර්ථකතනය කරනවා.
මෙසේ වැරදි අයුරින් අර්ථකථනය කිරීම නිසා සර්වාගමික රටක් වන අප රට තුල යම්කිසි අර්බුදකාරී තත්වයක් හටගෙන ඇත. ඒ නිසා එසේ යුද්ද කිරිම යන වචනය අපට එකපාරටම ඇසුනු පමණින් අප සිතන්නේ. මෙය කඩු, දුණු, කැති, පිහි අරගෙන කරන මහා අරගලයක් ( යුද්දයක් ) තමයි මේ ජිහාඩ් කියන්නේ කියලා.
නැහැ අපි වැරදි තම ජීවිතය, සිත, කය, වචනය, නින්ද , දනය , අසරණයින්ට උදවු උපකාර කිරීම මේ හැම දෙයක්ම අල්ලාහ්ගේ මාර්ගයේ කරන පරිත්‍යාගයන් වේ. මෙය තමයි ඉස්ලාම්හි ජිහාඩ් යනුවෙන් පවසන්නේ...
අල්ලාහ්ගේ තෘප්තිය ඇති කර ගනු පිණිස ඔහු දැක්වූ ඔහුගේ දීන් (මර්ගයේ) සිට උන්නතිය උදෙසාත් සත්‍යය තහවුරු කිරීම සඳහාත් ගනු ලබන සියලුම උත්සාහයන් ජිහාඩ් නම්( පරිත්‍යය ) වේ...
තම දෙමාපියන්ව ආදරයෙන් රැකබලා ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරනවානම් එයත් ජිහාඩ් නම් පරිත්‍යයයි..
අදුරුමිෂ්ට පාලකයෙක් ඉදිරියේ සත්‍යය කථා කිරීමද ජිහාඩ් නම් පරිත්‍යයවේ...
( අල්ලාහ්ට පමණක් බියවී අල්ලාහ්ගේ මාර්ගයේ සත්‍ය පැවසීම. )
අදික සිතල දිනවලදි ෆජර් ( උදෑසන නැමදුම ) සලාහ් සදහා පාන්දර අවදි වෙනවිට අපට ඇති වෙන කම්මැලි කම අලස කම වචනයෙන් විස්තර කරන්න බැරි තරන්. මෙම කම්මැලි කම නැති කරගෙන එක සිතින් මා සලාහ් කරන්න ඔනේ කියන නියත් එකෙන් නින්ද පසෙකලා අවදි වීමත් අපගේ ආත්මය " මනස " සමග කරන සටනකි මෙයත් අල්ලාහ්ගේ තෘප්තිය සදහා අල්ලාහ් වෙනුවෙන් අපි කරන පරිත්‍යගයක් වේ...
ලස්සන කාන්තාවක් හෝ පිරිමියෙක් දැක ඇය හෝ ඔහු කෙරෙහි සිතේ ඇතිවෙන හැගීම් ආශාවන් පාලනය කරගන්නේ නම් එයත් ජිහාඩ් නම් පරිත්‍යාගය වේ...
කාන්තාවකටනම් හජ් කර්තව්‍ය කිරීම උතුම් වූ ජිහාඩ් ( පරිත්‍යාගය ) වේ..
හජ් කර්තව්‍ය දි අදිකව පාගමනින් යැම සහා රත්‍රියේහි ( අර්ෆාහි ) රැදි සිටිම. අදික සෙනගක් සමග තෙරපිමෙන් ගමන් කිරීම වැනි දුෂ්කර කාර්‍යන් බොහොමයක් කිරීමට සිදුවේ. එම නිසා කාන්තාවකට මෙය අල්ලාහ්ගේ මාර්ගයේ කරන පරිත්‍යාගයක් වේ..
ජිහාඩ් සටනින් හොදම ජිහාඩ් සටන නම් ( " තමන් තමන් සමගම කරන ආත්මය සටනයි " ) මෙහිදී තමන්ගේ ආශාවන්, හැගීම්, කථා විලාශය, හැසිරීම සැම දෙයක්ම පාලනය කරගෙන ඉතාමත් අසීරු සටනක් කරන්න සිදුවෙනවා. අල්ලාහ් තආලා මිනිසාට කිරීමට සුදුසු හා නුසුදුසු ක්‍රියාවන් පෙන්වා දී තිබෙනවා. එමනිසා අපගේ සිතුවිලි අල්ලාහ්ගේ මාර්ගයේ පාලනය කර ගැනිමට සිදුවෙනවා.
බොහො මුස්ලිම්වරුන් අප අල්ලාහ් වෙනුවෙන් සටන් කරනවා යැයි පවසමින්. මිනිසුන් සමග කොලහාල ඇති කර ගනීති. මෙ ලොව මිනිසුන්ට පෙනෙන්නට හා ඔවුන්ගේ ප්‍රශන්සා වෙනුවෙන් ජිහාඩ් කරන බව පවසති. ඔවුන් ඇත්තෙන්ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන්මද මෙදෙවල් කරන්නෙ කියා මදක් සිතා බැලිය යුතුය.
මෙ ලොව සිටින මිනිසුන්ට පෙනෙන්නට නොව අල්ලාහ්ට අපගේ මැවුම් කරුවානන්ට පෙනෙන්නයි අපි සියලුම පරිත්‍යගයන් කරන්න අවශ්‍ය. අප කුමක් කරත් කුමන අරමුණෙන් කරත් එය අල්ලාහ් හොදාකාරවම දන්නේය.
නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසෙ...
" සාධාරණය ඉටුකරන එම ඊයුමුල් කියාමා ( අවසන් විනිශ්චය ) යෙදී. පළමුව ගෙන එන පුද්ගලයා යුද්දයේදී මියගිය පුද්ගලයෙකි ඔහුගේ අල්ල්හ් අසනවා ඔබ මා වෙනුවෙන් මොනාද කරේ කියා. එවිට ඔහු පවසනවා මම ඔබ වෙනුවෙන් යුද්ද කරා මගේ ජිවිතේ මම ඔබ වෙනුවෙන් පරිත්‍යාග කරා යනුවෙන් පවසනවා. ඒවිට අල්ලාහ් නැහැ ඔබ මා වෙනුවෙන් නෙමේ යුද්ද කරේ ඔබ යුද්ද කරේ ජනතාව ඔබව බලා ඔබ විරයෙක් කියා කිවිය යුතුයි කියන චේතනාවෙන් තමයි ඔබ යුද්ද කරේ කියා ඔහුව අපායට විසි කරනවා."
( ග්‍රන්ථය:- මුස්ලිම් 1905 )
මෙම අල් හදීසිය දිර්ග බැවින් අවශ්‍ය කොටස පමණක් මෙහිසදහන් කර ඇත..
අපගේ නබිනායක තුමාණන් වන මුහම්මද් ( සල් ) තුමාණන් අපමණ දුක් කම් කටොලු විද ඉස්ලාම් මාර්ගය වෙත මිනිසුන් එක් රැස් කළහ. එතුමා එදා ඉවසීමෙන් නොසිට මිනිසුන් සමග ආරාවුල් කරානම අද ඉස්ලාම් කියා දෙයක් නොමැත. එතුමා අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා මිසක මිනිසුන්ගේ ප්‍රසංසා වෙනුවෙන් කටයුතු කරේ නැත..
එතුමා ඉස්ලාම් වෙනුවෙන් යුද්ද කරත් එය ඉතාමත් සාධාරණව විශේෂ නිතිමාලාවන් ඇතුල් කර තම යුද සේනාව එම නිතිමාලාවන් වලින් කොටුකරය.
මා දන්න ඉස්ලාම් හා මා දන්න ඉස්ලාම්හි ජිහාඩ් නම් පරිත්‍යාගය මෙයයි..
අල්ලාහ්ගේ තෘප්තිය සදහා සියල්ලම පරිත්යගය කර. මරණින් මතු ජිවියතේදී අල්ලාහ්ගේ භාග්‍යන් වූ ස්වර්ගයේ ඉස්ථිර ජීවිතය ලබා ගැනීම සදහා අප නිවැරදි ආකාරයට ඉස්ලාම් හා ඉස්ලාම් නීති රීති ඉගෙන ගනිමු...
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

ඉස්ලාම්හි ස්ත්‍රීන් ගේ ස්ථාවරය !!!

අස්සලාමු අ'ලෛයිකුම් වරහ්'මතුල්ලාහි ව බරකාතුහ්!
ඉස්ලාම්හි ස්ත්‍රීන් ගේ ස්ථාවරය !!!
ඉස්ලාම් ධර්මයේ ස්ත්‍රීන් හට ලබාදී ඇති අයිතිවාසිකම් පිළිබදව දැන ගැනීමට පෙර, ඉස්ලාම් ධර්මය පැමිණීමට ප්‍රථම සමහර සමාජයන්හි ස්ත්‍රීන්ට හිමව පැවති ස්ථානය හා ඔවුන් පිළිබද ස්ථාවරය පැහැදිලිවම දැන ගැනීමට අවශ්‍යවේ..
ග්‍රීක ජාතින් ස්ත්‍රීන් වෙළද භාණ්ඩයක් ආකාරයට පිළිගත් අතර ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් හිමිනොවුන අතර සැම හිමිකමක්ම පිරිමින්ට පමණක් හිමිවූණි. කාන්තාවන්ට ( සම්පත් කෙරෙහි ) දෙවෙනි උරුමයද, මුදල් පරිහරණය කිරීමේ අයිතියද තහනම් වූ අතර.
ඔවුන්ගේ ප්‍රකට විද්‍යාඥයා වූ සෝක්‍රටීස් ( Socrates ) ස්ත්‍රීන්ව හැදුන්වුයේ " විශ්වයේ භයානක විනාශයට ස්ත්‍රීන් මුලිකම හේතුව වන්නේය. ස්ත්‍රීන් භාහිරයෙන් සෞන්දර්ය අලංකාරයෙන් යුත් විෂ ගසකට සමානය එබැවින් එම ගසේන් යම්කිසි දෙයක් අනුභව කරන පක්ෂින් එම මොහොතේම මැරුම් දකිති " යනුවෙන් ඔහු තම මතය පළකර ඇත..
රෝම ජාතින් ස්ත්‍රිය පණ නැති වස්තුවක් ලෙස සිතුහ. ඔවුන් අතර ස්ත්‍රීන්ට කිසිදු වටිනාකමක් හෝ අයිතිවාසිකමක් හෝ හිමි නොවිය. ස්ත්‍රිය පණ නැති දෙයක් ලෙස ඔවුන් සිතු නිසා ස්ත්‍රීන්ගේ ශරීරය මතට උණුකරන ලද තෙල් වක්කරමින්ද, කුළුණු මත බැද තබා වද දුන්හ.
මෙපමණක් නොව කිසියම් වරදක් හෝ නොකළ ස්ත්‍රීන් හටද අශ්වයන්ගේ කරත්තයේ බැද මරණය දකින තරමට අධික වේගයෙන් එය පදවන්නේය..
ඉන්දියානුවන් බැල්මද ස්ත්‍රීන් පිලිබදව මෙසේ පැවතිය. ඔවුන්ගේ සිතුවිලි අන් අයට වඩා වෙනස් වූ අතර. ඔවුන් ගැහැණු දරුවෙක් උපන් විට ඇයව එම මොහොතේම ගස්ලබු කිරි හෝ වස දී මරණ අතර ඉන් සමහරක් පණපිටින් වලලයි. සැමියා නැසී ගිය කාන්තාවක් නම් සැමියගේ චිතකයට පැන ඇයත් දැවී මිය යන්නට ඉන්දියානුවන්ගේ මතය අනිවාර්ය වුහ..
චීන වැසියන් ස්ත්‍රියන් සෞභාග්‍යන් හා සම්පත් සෝදාගෙන යන ( විනාශකරන ) දෙයක් බවට සලකු අතර ඔවුන්ට තම බිරිදව පණපිටින් වැළලීම හා විකිණීමේ අයිතිය ද හිමිව තිබුණි..
යුදෙව්වරුන් ස්ත්‍රීන් පාපයට ලක්වූ අය ලෙස සැලකුහ. ලොව පළමු කාන්තාව වූ හවුවා ( ඒවා ) තුමිය. ( එතුමියට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. ) ලොව පළමු මිනිසා වූ අදාම් ( අලෛ ) තුමාව ( එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. ) අයහමගට යොමුකොට ( තහනම් කළ ගසෙන් ) අනුභව කිරීමට මග පෙන්වූ නිසා ස්ත්‍රීන් ෂෛතාන්ට සම කළහ.
ඔපස් ( පිරියඩ්ස් ) ඇති ස්ත්‍රීන් සිටින නිවසද ඇය අල්ලන දේද අපිරිසිදු යැයි ඔවුන් සිතුහ. තවද ඇයට සහෝදරයන් සිටියේද ඇයට පියාගේ ධනයෙන් කිසිදු හිමිකමක් නැතිබව ඔවුන් සිතුහ..
ක්‍රිස්තියානි ජාතිහු ස්ත්‍රීන්ව ෂෛතාන් වශයෙන් සැලකුහ. ක්‍රිස්තියානි ආගමික උගතෙකු " ස්ත්‍රීන් මිනිස් ජාතියට අයත් නොවන්නන් බව " පැවසිය.
ශුද්ධ බුනා වෙන්ටුර් යන්නා. " ඔබ ස්ත්‍රියක් දුටුවෙනම් ඇය මිනිස් ජාතියට අයත් තැනැත්තා බව හෝ පණ ඇති දෙය ලෙස හෝ නොසිතන්න. නියතවශයෙන්ම ඔබලා දකින්නේ යක්ෂයාගේ රූපය බවත් ඔබලා අසා සිටින ඇයගේ කටහඩ යක්ෂයා ගොරවන ශබ්දය බවත් " පවසන්නේය.
තවද 19 වැනි සියවසේ මැද භාගය තෙක් ඉංග්‍රීසින්ගේ සාමාන්‍ය නිතිය අනුව ස්ත්‍රීන් ප්‍රජා අයිතීන් ලද අය බව නොසැලකිය. එමෙන්ම ස්ත්‍රීන්ට කිසිදු මිනිස් අයිතිවාසිකමක් හෝ ඇය පළදින ඇදුම් පැළදුම් ඇතුළු කිසිදු දෙයකට හෝ උරුමකම් නොහිමිව තිබිණ.
වර්ෂ 1805 දක්වා ඉංග්‍රීසින්ගේ නිතිය අනුව " සැමියෙක්ට තම බිරිදව විකිණීමේ අයිතිය තිබුණ අතර බිරිදගේ වටිනාකම පැන්ස් හයක් ( 6 ) එනම් ෂිලින් භාගය ( Six Pence Is Half Shilling ) යනුවෙන් නිගමනය කළහ. ( පැන්ස් හා ෂිලින් යනුවෙන් හදුන්වන්නේ පැරණි ඉංග්‍රීසි කාසි වල නම්ය..)
1567 වන වසරේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව " ස්ත්‍රීන්ට කිසියම් දෙකට බලයක් නොදිය යුතුයි යනුවෙන් " නීතියක් පැනවිය..
8 වෙනි හෙන්රි ( Henry VIII ) ගේ කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව " ස්ත්‍රීන් අපිරිසිදු අය බැවින් බයිබලය පාරයනා නොකළ යුතුයි " යනුවෙන් නීතියක් සම්මත කළේය..
586 වැනි වසරේ ප්‍රංශ ජාතින් " ස්ත්‍රීන් මිනිස් ජාතීන්ට අයත් ද නැද්ද " යනුවෙන් සමීක්ෂණයක් කිරීම සදහා කමිටුවක් පත්කළහ.
ඔවුහු ස්ත්‍රීන් මිනිස් ජාතියට අයත් වූ නමුත් ඔවුන් මවන ලද්දේ පිරිමින්ට ආවතේව කිරීම සදහා බව තීරණය කළහ..
ඉස්ලාම් ධර්මය පැමිණෙන්න කලින් අරාබිවරු අතරේ ස්ත්‍රිය නින්දිත වස්තුවක් ලෙසද, සම්පත් හිමිකම් ලැබීමට හෝ අයිතිවාසිකම් ලැබීමට සුදුසු නොවන අය ලෙසද, කිසිදු සැලකීමක් නොලද අය ලෙසද පිළිගැනීමක් තිබුණි. එපමණක් නොව අරාබිවරු තම දියණියන් පණපිටින් කාන්තාරයේ වලලන්නන් ලෙසද සිටිහ..
මේකි සෑම අපරාධයකින්ම ස්ත්‍රීන් මුදාගැනීම සදහා ස්ත්‍රීන් හා පිරිමින් සමාන බවත් පිරිමින්ට සේම ස්ත්‍රීන්ටද අයිතිවාසිකම් හිමිව ඇති බවත් පැහැදිළි කිරීම සදහා " ඉස්ලාම් " ධර්මය මිනිසා උදෙසා නබි මුහම්මද් ( සල් ) තුමාගේ මාර්ගයෙන් මිනිසා වෙත පහළ වුහ..
මේ බව අල්ලාහ් මෙසේ පවසයි..
" මනුෂ්‍යයණි, නිසැකයෙන්ම අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් ගැහැණියකුගෙන්ම උත්පාදනය කළෙමු. පසුව කෙනෙකු අනිත් කෙනාව හැදුණා ගැනීම පිණිස ජාතින් බවටද ගෝත්‍රිකයින් බවටද පත්කළෙමු. ( එබැවින් ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට වඩා උසස් යැයි ආඩම්බර බස් දෙඩීමට තරන් දෙයක් නැත. එහෙත් ) ඔබගෙන් කවුරුන් ඉතාමත් බය භක්තිකයන් වශයෙන් සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයේ ඉතාමත් ගෞරවණිය කෙනෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොදින් දන්නෙකු හා හොදින් දැණුවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. "
( අල් කුර්ආන් - 49- :13 )
" එබැවින් පිරිමි වුවද ගැහැණු වුවද ඔවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද. ඔවුන්ම ස්වර්ගයට යන්නාහ. ඔවුන්ට පොඩියක් හෝ අසාදාරණයක් කරණු නොලබන්නේය. "
( අල් කුර්ආන්- 4 -:124, 127, 128, 129 )
නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..
" විශ්වාසවන්තයන්ගෙන් පරිපුර්ණ විශ්වාසවන්තයෙකු වන්නේ හොද ගතිගුණවලින් පිරුණු තැනැත්තාය. ජනයින්ගෙන් ඉතා යහපත් තැනැත්තෙකු වන්නේ තම බිරිදට යහපත් වූ තැනැත්තාය.."
( ග්‍රන්ථය - තිර්මිදී )
" පුද්ගලයෙකු නබි මුහම්මද් ( සල් ) තුමාගෙන් ' මිනිසුන් අතර මිත්‍රත්වය පැවැත්වීමට වඩාත් සුදුස්සා කවරෙක්ද? යනුවෙන් ඇසිය. එයට නබි තුමා " ඔබේ මවය " යනුවෙන් පිළිතුරු දුන්හ. පසුව කවරෙක්ද? යනුවෙන් ඇසිය. නබි තුමා " ඔබේ මවය " යනුවෙන් පිළිතුරු දුන්හ. පසුව කවරෙක්ද? යනුවෙන් ඇසිය. එයටද නබිනායක තුමා " ඔබේ මවය " යනුවෙන් පිළිතුරු දුන්හ. පසුව කවරෙක්ද? යනුවෙන් ඔහු නැවත ඇසිය. එයට නබිනායක තුමා " ඔබේ පියාය " යනුවෙන් පිළිතුරු දුන්හ. "
( ග්‍රන්ථය-: මුස්ලිම් - බුහාරි )
" ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පණපිටින් නොවළලා, ඇයව අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැලකිල්ලක් නොදක්වා. ඇය පෝෂණය කරයිද, එම දෙමාපියන්ව අල්ලාහ් ස්වර්ගයට ඇතුළුකරන්නේය. "
( ග්‍රන්ථය-: අහ්මද් )
මෙසේ ඉස්ලාමයෙහි ස්ත්‍රීන්හට සමාන අයිතිවාසිකම් හා දායාදයන් දී ඇති බැවින් මුස්ලිම් කාන්තා අයිති පිළිබදව තවත් විස්තර වෙනත් ලිපියකින් ඉදිරියේදී පලකිරීමට බලාපොරොත්තු
වෙමි..
ස්තුතියි..
මෙම ලිපිය මුස්ලිම් කාන්තා අයිතින් යන කුඩා පොත් පිංචෙන් ගත් කරුණු වලින් සකසන ලදි..
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

එදා සිටි මුස්ලිම්වරුන්ගෙත් අද සිටින මුස්ලිම්වරුන්ගෙත් වෙනස...!

එදා සිටි මුස්ලිම්වරුන්ගෙත් අද සිටින මුස්ලිම්වරුන්ගෙත් වෙනස...!
" මා බටහිර රටවල්වල සංචාරය කලෙමි.
එහිදී ඉස්ලාම් දුටු අතර මුස්ලිම්වරුන් නොදුටිමි.
මා පෙරළා මැදපෙරදිගට පැමිණියෙමි.
එහිදී මුස්ලිම්වරුන් දුටු අතර ඉස්ලාම් නොදුටිමි."
( මුහම්මද් අබ්දුහ් )
මිසරදේශයේ නයිල් නිම්න වාසි ඉස්ලාම් ආගමික විද්වත්
ඊජිප්තු නීතිවේදි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉස්ලාම් යනුවෙන් හදුන්වන්නෙ ( සාමය, සමගිය, සමාදානය හා අවනත විම ) යි.
බටහිර රටවල් තුල සිටින මිනිසුන් තුල ඉස්ලාම්හි අන්තර් ගත වු සාමය, සමගිය හා පරිත්‍යග ශිලිත්වය ඇත. නමුත් ඔවුන් මුස්ලිම්වරුන් නොවෙයි.
මැදපෙරදිග රටවල් වල මුස්ලිම්වරුන් සිටියමුත් ඔවුන් තුල ඉස්ලාම්හි අන්තර් ගත් සාමය, සමගිය හා පරිත්‍යග ශිලි බව නැත.
මෙය අද බොහො මුස්ලිම්වරුන් අතර දැක ගැනිමට හැකි පැහැදිළි කරුණකි. ලොව පුරා මුස්ලිම්වරුන් සිටියත් ඔවුන් ගෙන් බහුතරයක් තුල ඉස්ලාම් නැත. එහි අන්ථර් ගතය ඔවුන් දන්නෙවත් නැත..
දැනට අවුරුදු 1437 පෙර නබි මුහම්මද් ( සල් )තුමාණන් හට ඉස්ලාම් ශුද්ධ වු පණිවිඩය පහල වන අවස්ථාවෙ එවකට සිටි ( විශෙෂයෙන් මක්කා වාසි ) මිනිසුන් ඉස්ලාම් හි අන්තර් ගත සාමය, සමගිය, සමාදානය හා පරිත්‍යාග ශිලි බව දැනගෙන සිටියෙ නැත.
නබි මුහම්මද් ( සල් ) තුමාණන් ඉස්ලාම් හි අන්තර් ගත වු සාමය, සමගිය, සමාධනය හා අවනත විම පරිත්‍යාග ශිලි බව පිළිබදව මිනිසුන් දැනුවත් කලහ. ඔවුන්ට උපදෙස් දුන්හ.
නබි මුහම්මද් ( සල් ) තුමාණන් ඒ අයුරින් ජිවත් වි මිනිසුන්ට මෙ ආකාරයට ජිවත් විය යුතුයි කියා සැම දෙයක්ම ක්‍රියාවෙන් කර පෙන්වා දුන්හ.
නබිනායක තුමාණන්ගේ ජිවිත කතාව ඇසුරෙන් මා දැන ගත් තොරතුරු බිදක් ඔබ හමුවෙ තබන්නෙමි..
කදිජා ( රළි ) තුමියගේ යටතේ සෙයිද් නම් වහලෙකු ( සෙවකයෙක්) සිටියෙය. එතුමිය එම වහලාව නබි නායකතුමාණන් හට තෑගි කලහ. එම අවස්ථාවෙම එතුමාණන් ඔහුව ( වහල් සෙවකයා ) නිදහස් කොට දරුවෙකු මෙන් රැක බලා ගත්හ..
එමෙන්ම කදිජා ( රළි ) තුමිය යටතෙ සිටි සියලුම වහල් ( සෙවක/ සෙවිකාවන්ට ) එතුමාණන් හොදින් සැලකු බවත් ඔවුන්ව කිසිම විටක මේ මගේ වහලා යනුවෙන් ආමන්ත්‍රණය නොකල බවත් මෙ මගේ පුතා/ මෙ මගේ දුව යනුවෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කළ බවත් සදහන් වේ..
මෙම කථාවෙන් ඔබට අපගේ නබි නායක තුමාණන් තම සෙවක/ සෙවිකාවන්ට කෙතරන් ආදරය කරුණාව දි තිබෙනවාද යන්න දැන ගැනිමට හැකිය.
සවුදි අරාබියාව ඇතුලු අනිකුත් මුස්ලිම්වරුන් සිටින රටවල් තුල මුස්ලිම්වරුන් සිටි නමුත් ඔවුන් තුල සාමය, සමගිය, කරුණාව, පරිත්‍යාග ශිලි බව දකින්නට නැත. බොහො මිනිසුන් අරාබි කරයට පැමින අපා දුක් විදිති. නමුත් ඔවුන්ගේ හාම් පුතුන්ට හිත් උණු වන්නෙ නැත. ඔවුන්ට අණුකම්පාව දැනෙන්නෙම නැත. ඔවුන්ට එම මිනිසුන් තවත් එක් වහලෙක් පමණි. ඔවුන් ඔවුන්ගේ බල පුලුවන් කාර කමින් උඩුගු වි සිටිම එයට හෙතුවයි.
ධනවත් කම එතුමාණන්ට එතරම් වැද ගම්මක් නොවිය. මුදල් හා වටිනා බඩු භාහන්ඩ එතුමාණන් දුටුවෙ අන් අයට උදවු උපකාර කිරිමට හැකි උපකරණයක් ලෙසටය.
එතුමාණන් තම මුදලින් වහල් ( සෙවක/ සෙවිකාවන් ) කිප දෙනෙකු මිලට ගෙන නිදහස් කළහ. ඔවුන් තම හාම්පුත්තුන්ගෙන් ඉතාමත් දෑඩි ලෙස පීඩා විදිවුන් වුහ.
විටක නබි මුහම්මද් ( සල් ) තුමාණන් ණය බරෙන් මිරිකී එය ගෙවා ගත නොහැකිව සිටි අයගේ එම ණය ගෙවා දුප්පත් එම මිනිසුන්ව ණය බරින් නිදහස් කළහ.
අපගේ නායක තුමාණන් මේ ආකාරටය මිනිසුන් හට පිහිට වි තිබෙන නමුත්. අද මුස්ලිම්වරුන්ගේන් කියෙන් කි දෙනාද තවත් කෙනෙකුට උදවු උපකාර කරන්නෙ. කියෙන් කි දෙනාටද තවත් කෙනෙකුගේ දුක වෙදනාව දැනෙන්නෙ.
නමුත් ඔවුන් පවසන්නෙ අපි මුස්ලිම් අපි මුස්ලිම් යැයි කියලා කියන්න ඔබ සුදුසු ද මදක් සිතා බලන්න. අපගේ නබි නායක මුහම්මද් ( සල් ) තුමාණන් අපට පෙන්වා දුන් මාර්ගය හරියටම අපි අනුගමනය කරනවාද කියා තම හද වතෙන් අහන්න.
මෙතනදි ලොවටම ආදර්ශයක් වු මදිනා වැසියන් ( අන්සාරිවර්න්) ගැන නොපවසා බැරිය..
නබි මුහම්මද්( සල් ) තුමාණන් හා එතුමාගේ අනුගාමින් මක්කාවෙ සිට මදින්නාවට හිජිරත් ගිය අවස්ථාවෙ මදිනා වැසියන් එතුමාව හා එතුමා සමග ගිය එතුමාගේ මිත්‍ර සහාබාවරුන්ව ඉතාමත් ආදරයෙන් සහොදර මිත්‍රත්වයෙන් පිළිගෙන ඔවුන්ගේ දේපළ පවා ( මගේ මිත්‍රයා මෙ මගේ දෙපළ මෙ කොටස අද පටන් ඔබගේ ) කියමින්. කිසිම පැකිලිමක් නැතුව ඔවුන්ගේ සියලුම දෙවල් බෙදා ගත් බවත් මෙය දැක මුහාජීරින්වරු ( මක්කාවෙ සිට මදිනාවට ගිය ) පුදුමයට පත් වු බවත්. සදහන් වෙනවා..
එක් මදිනා වැසියෙක් මක්කාවෙන් හිජි‍රත් ගිය සහාබාවරයෙක්ට පවසනවා. මගේ මිත්‍රයා මට බිරිදලා තුන්දෙනෙක් ( 3 ) ඉන්නවා. එයින් ඔබ කැමති කෙනෙක්ව තොරා ගන්න මං ඇයව තලාක් ( දික්කසාද ) කරන්නම් යනුවෙන්.
බලන්න ඔවුන්ගේ පරිත්‍යාග ශිලි බව. ඔවුන්ගේ එම යහපත් කරුණා ගති පැවතුම් නිසාම ඔවුන් වෙනුවෙන් නබි මුහම්මද් ( සල් ) තුමාණන් අල්ලාහ් සුබහ්නතආලාගෙන් ප්‍රර්ථනා කරනවා මදිනා වැසියන්ගේ මෙ යහපත් ගති ගුණ ලෝව අවසානය වෙන තෙක් ආරක්ෂා කරන මෙන් .
මා ආදරනිය සහෝදර/ සහෝදරියනි දිනකට එක් වතාවක් හෝ එසේ බැරිනම් සතියට එක් වතාවක් හෝ නබි නායක තුමාණන්ගේ ජිවිත කථාව කියවා බලන්න. එතුමාගේ මිත්‍ර සහාබාවරුන්ගේ ජිවිත කතාව කියවා බලන්න. ඔවුන් කෙසෙද ජිවත් උනේ. ඔවුන් කෙසේද මිනිසුන් සමග මිත්‍රත්වයෙන් කටයුතු කරේ ඔබට පුලුවන් එතරමට බැරි උනත් යම්තාක් දුරට හෝ නියම මුස්ලිම්වරයෙක් වෙන්න..
අපි අන්‍යාගමික සහොදර/ සහොදරියන්ගේ වැරදි, අඩු පාඩු සොයනවා වෙනුවට. අපගේ වැරදි, අපගේ අඩු පාඩු සොයා එවා නිවැරදි කර ගතයුතුයි නොවෙද. එවිට ඔබත් ඔබේ පවුලේ අයත් ගමත් මුලු මුස්ලිම් සමාජයමත් නිවැරදි වෙයි..
අල්ලාහ්ට පමණක්ම බිය වන්න. මෙලොව මිනිසුන්ට බිය නොවන්න. මිනිසුන්ට ඔබට යහපතක් කිරිමෙ හෝ අයහපතක් කිරිමේ ශක්තියක් නොමැති බව මතක තබා ගන්න..
මෙලොවදි අප කරන සැම දෙයකටම නොනිමි ආකිරාහ් ( අවසන් විනිච්ච්‍ය දිනයෙ ) දි වගකියන්න සිදුවෙනවා.
එදාට අල්ලාහ් මුලු ලොවෙම සිටින මිනිසුන්, ජින්වරු හා මලායිකාවරු ඉදිරියේ ඔබෙන් ප්‍රශ්න කරාවි.
එම නිසා තවත් කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා.
තවත් කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න එපා.
තවත් කෙනෙකුගේ ඇසෙන් වැටෙන කදුලු බිංදුවකට වගකියන්නෙක් වෙන්න එපා.
කෙනෙකුගේ හිත රිද්දුවනම් එහෙමත් නැත්තන් තමන් ගෙන් තවත් කෙනෙකුට අසාදාරනයක් උනානම් ශනිකව ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න. අප ඔවුන්ගෙන් සමාව ඉල්ලන්නෙ නැතිව වෆාත් වුනොත් ( මියගියොත් ) අප කොපමන කුසල් කර ස්වර්ගයට යැමට උත්සහා කරත් අසාදාරනයට ලක්වු කෙනාගෙ සමාව ගන්න තේක් අල්ලාහ් ඔබට ස්වර්ගය දෙන්නෙ නැ. එදාට මුලු ලොකෙම සිටින මිනිසුන් අතරින් එම පුද්ගලයාව සොයන්න ලෙසි වෙන්නෙ නැ.
එම නිසා මා ආදර මුස්ලිම්වරුනි ඉස්ලාම්හි අන්තර් ගත් සාමය, සමගිය, සමාදානය, පරිත්‍යාග ශිලි බවෙන් ඔබව පරිපුර්ණ කර ගන්න. පුලුවන් උපරිමයෙන්ම වචනයෙන් හො අනිකාට උදවු උපකාර කරන්න. ඔවුන්ගේ කුලය, වර්ණය, නොබලන්න.
අල්ලාහ්ගේ කඹය ( අල් කුර්ආනය ) තදින් අල්ලා ගන්න. නබි නායක මුහම්මද් ( සල් ) තුමානන්ගේ ( සුන්නාව ) පිළිපදින්න.
අපගේ උගත් ඉමාම්වරුන් කියන දේ අහන්න..
මුස්ලිම්යැයි නමට පමණක් නොකියා එය ක්‍රියාවෙන් ද කර පෙන්වන්න එවිට ඔබ මුස්ලිම්වරයෙක් යැයි කිමට අවශ්‍ය වන්න නැත..
යා අල්ලාහ් අප සැම දෙනාට ස්වර්ගයේ උතුම් වු භාග්‍ය හා දායාදයන් ලබා දුන මැනවි ..
මා පවසපු දෙයින් කාගේ හෝ සිත රිදුනානම් මට සමාවෙන්න.
ලයික් කමන්ට් කිරිමට අවශ්‍ය නැත හැකි තාක් මෙය අපගේ මුස්ලිම්වරු අතර බෙදා හරින්න.
සියලුම ප්‍රශන්සා අපව මවා පාලනය කරන්නා වු අල්ලාහ්ටමය...!
*** සාරාහ් අමාණියා මෙන්ඩිස් ***

ඊද් මුබාරක්, ජුම්මා මුබාරක් කියා සුබපැතීම නබි මුහම්මද් ( සල් ) තුමාණන්ගේ මගක්ද?

ඊද් මුබාරක්, ජුම්මා මුබාරක් කියා සුබපැතීම නබි මුහම්මද් ( සල් ) තුමාණන්ගේ මගක්ද?
අද කාලයේ බොහෝ මුස්ලිම්වරුන් ( අරාබි කරයෙ පවා ) රාමදාන් හා හජ් ඊද් දිනයන්හිදී ( ඊද් මුබාරක් ) කියමින් එකීනෙකාට සුබ පැතීම හා සෑම ජුම්මා ( සිකුරාදා ) දිනකම ජුම්මා මුබාරක් යැයි පැවසීම. අප සියලුම දෙනා දන්නා කරුණකි. මෙසේ පැවසීම අප නබි නායක මුහම්මද් ( සල්) තුමාණන් ගේ මාර්ගයද ( සුන්නවක්ද? ) කියා අප සොයා බැලිය යුතුය.
මුස්ලිම්වරුන් වශයෙන් අප සිදුකරණ සෑම ක්‍රියාවක්ම නබි මුහම්මද් ( සල් ) තුමාණන්ගේ සුන්නවට අනුව සිදුකිරීම මුස්ලිම්වරයෙකුගේ වගකීමකි.
අල්ලාහ් මෙසේ පවසයි..
" නුඹලා අල්ලහ්ව ප්‍රිය කරන්නේනම් මාව පිළිපදින්න. අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය. "
( අල් කුර්ආන්:- 3- 31 )
ඊද් මුබාරක් හෝ ජුම්මා මුබාරක් යැයි. පවසමින් එකිනෙකාට සුබපතන්න කියා අල් කුර්ආනයේ කොතනකවත් සදහන් නොවේ. නබි මුහම්මද් ( සල් ) තුමානන්ද එසේ ( සහාබාවරුන්ට ) සුබපතුවා යැයි.එකදු අල් හදිස් එකකවත් සදහන් නොවේ. එසේනම් එතුමාණන්ගේ අනුගාමිකයින් වන අපි එතුමා නොකියූ දෙයක් කෙසේ නම් කියන්නද?
නබි නායක මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..
" අපගේ මෙම ඉස්ලාම් ධර්මයේ ( නැති දෙයක් ) කවුරුන් හෝ අලුතින් ඇති කළහොත් එය ප්‍රතික්ෂේප කරණු ලැබේ."
( ග්‍රන්ථය:- මුස්ලිම්, බුහාරි )
නබි මුහම්මද් ( සල් ) තුමාණන් එකිනෙකාට සුබපැතීම සදහා ( ඊද් දිනයට හා එදිනෙදා එකිනෙකා හමුවන විටදී ) අපට පෙන්වා දී ඇත්තේ. " අස්සලාමු අලෛයිකුම් වරහමතුල්ලහි වබරකාතුහු " යනුවෙන් පමණකි. එසේනම් අපි ඉන් එහාට ගිහින් ඊද් මුබාරක් කියා වචනයක් හදාගෙන එය ඉස්ලාම්හි අනිවාර්ය දෙයක් බවට සිතාගෙන සියලුම දෙනා එය පුරුද්දක් වශයෙන් කරනවානම් එය " බිද්අත් " ආගමට අලුතින් යමක් එකතු කිරීමකි.
තවත් පිරිසක් ඊද් මුබාරක් යැයි නොපවසා.
" තකබ්බල්ලාහු ම්න්නා වමින්කුම් "
මෙසේ පවසයි. ( මෙය සදහන් අල්හදිස් එක පිළි ගත නොහැකි ( ලයිෆ් ) හදිස් එකක් බවට උලමාවරු පවසති.
මෙය සහාබාවරයෙක් ( ඔහුගේ හිතැගි පරිදී ) පැවසු දුආවක් මිස නබි තුමාණන් පැවසු දෙයක් නොවේ. මේයද අද බොහෝ මුස්ලිම්වරුන් පුරුද්දක් වශයෙන් පවසති. එසේනම් එයත් " බිද්අත් " එකක් බවට පත් නොවන්නේද?
නබි මුහම්මද් ( සල් ) තුමාණන් මෙසේ පවසයි..
" නියත වශයෙන්ම වදන් වලින් ශ්‍රේෂ්ඨතම වදන අල්ලාහ්ගේ ආගමයි. මාර්ගයන්ගෙන් ශ්‍රේෂ්ඨතම මාර්ගය නබි තුමාණන්ගේ මාර්ගයයි. නරකම කරුණ වන්නේ. අළුතින් යමක් ඇති කිරීමයි."
( ග්‍රන්ථය:- මුස්ලිම් )
මෙය දීර්ග හදිස් එකක් අවශ්‍ය කොටස පමණක් මෙහි සදහන් කර ඇත.
තවද' මුස්ලිම්වරුන් අතර මතයක් තිබෙනවා. එම සහාබවරයා පැවසු දෙය ( තකබ්බල්ලාහු මින්නා වමින්කුම් ) යන දුආව නබි තුමාණන් එසේ පවසන්න එපා යැයි කියා නොපැවසූ නිසා. අපට අවස්ථාවට ගැලපෙන ආකාරයට අපි කැමති දුආවක් හදාගෙන කියන්න පුළුවන් යැයි කියා.
නමුත් අපට විශේෂයෙන් දුආ හදාගෙන කියන්න අවශ්‍ය නැත. අපිට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කරන සියලුම දුආ ( ප්‍රර්ථනාවන් ) නබිතුමාණන් පෙන්වාදී අවසන්ය. නබිතුමාණන් පෙන්වා නොදුන් දෙයක් කරමින් ආගමට අලුතින් යම් යම් දේ එකතු කරමින් නොදැනුවත්වම අපි ( බිද්අත් ) කරමින් සිටි.
අපි එදිනෙද නිතරම පවසන " අස්සලාමු අලෛයිකුම් " මෙය ද දුආවකි ( ඔබට ශාන්තිය හා සමාධානය ඇතිවේවා! )
මෙම දුආව අපට ඕනෑම අවස්ථාවක හා ස්ථානයක කියන්න පුළුවනි. මෙය පමණයි නබිතුමාණන් අපට පෙන්වා දුන්නේ.
මෙය කොටස් ( 3 ) අපිට පවසන්න පුළුවන්.
1) අස්සලාමු අලෛයිකුම්! ( ඔබට ශාන්තිය හා සමාධානය ලැබේවා.! )
2) අස්සලාමු අලෛයිකුම් වරහමතුල්ලාහ්! ( ඔබය ශාන්තිය සමාධානය හා කරුණාව * ආදරය * ලැබේවා.! )
3) අස්සලාමු අලෛයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු! ( ඔබට ශාන්තිය සමාධානය කරුණාව හා දායාදය ලැබේවා.! )
" මුබාරක් " යන අරාබි වචනයේ අර්ථය ( ආශිර්වාද, ශාන්තිය, සෙත, දායාදය ) මෙවැනි අර්ථයයි.
මෙසේ මුබාරක් කියන වචනය වෙනම කියන්න අවශ්‍ය වන්නේ නැත, " අස්සලාමු අලෛයිකුම් වරහමතුල්ලහි වබරකාතුහු " යන දුආ එකේ මුබාරක් කියන වචනයද ඇතුලත් වෙන බැවින්..
අවුරුදු ගණනාවක් මෙසේ ඊද් මුබාරක්, ජුම්මා මුබාරක් කියා පැවසු ඔබලාට මෙය එක පාරට විශ්වාස කරන්නට බැරි වේවි.
මුස්ලිම්වරුන් වශයෙන් අපි ඉස්ලාම් ධර්මයේ ඇති නිවැරදි දේ ( සත්‍ය ) සොයා ගැනීම හා ඒවා පිලිබදව පොත් පත් වලින් හා උලමාවරු, ආගමික දැනුම ඇති අයගෙන් අසා දැන ගැනීම අපගේ වගකීමකි.
මෙම ලිපිය ලියන මාද ඊද් මුබාරක් ජුම්මා මුබාරක් යැයි නොදන්නා කමින් පවසා ඇත. පසුව එය වැරදි බව දැනගෙන මා සිතෙහි ඇති පරිදි ( ඔබලාට අල්ලාහ්ගේ රහ්මතය හා බරකතය ලැබේවා.! යනුවෙන් ප්‍රර්ථනා කළහ. එයද වැරදි බව මා දැනගත් පසු මට මෙම ලිපිය ලිවීමට සිතුණි. මා දන්නා හා දැනගත් දේ අනිත් කෙනාටත් පැවසීම මුස්ලිම්වරියක්වන මගේ යුතුකමයි..
මෙම පිළියෙ වැරදි ඇත්නම් මා නිවැරදි කරන එය ඔබලාගේ යුතුකමකි..
*** සාරාහ් අමාණිය මෙන්ඩිස් ***